හෙළරට - දේශිය පුවත්

ව්‍යාජ අංක දමා පාරිභෝගිකයා රැවටීමේ ව්‍යාපාරයක් – දම්පල් හරසර පදනම

ව්‍යාජ අංක දමා පාරිභෝගිකයා රවටන්න එපා

නිවෙස් වලටම භාණ්ඩ ගෙනවිත් දීමට විමසන ලෙස සදහන් දැන්විම් මුහුණු පොතේ පළකර තිබුණත් ඒ බොහෝ අංක ව්‍යාජ ඒවා බවත් මෙවන් අවස්ථාවක එලෙස පාරිභෝගික ජනතාව රැවටීම ඉතා අශෝභන ක්‍රියාවක් බවත් අනගාරික දම්පල් හරසර පදනම නිවේදනයකින් කියා සිටි.


ඒ ප්‍රදේශවල සුපිරි වෙළෙදසල් හා තොග වෙළෙඳසැල්වලින් ඉහත දැක්වූ ලෙස මෙම දැන්විම් දක්නට ලැබුණත් ඒ බොහෝ අංක ව්‍යාජ අංක බැවින් පාරිභෝගික ජනයා අසරණ වෙන බව එම පදනම පෙන්වා දෙයි.


එසේම එලෙස දැක්වෙන සමහර අංකවලට කතා කළ විට කිසිදු සුහදශීලී බවක් නොමැතිව භාණ්ඩ ලේඛනය කෙටියෙන් කියන ලෙස පාරිභෝගිකයාට තර්ජනාත්මක ස්වරුපයෙන් පවසන බවත් එම පදනම කියා සිටි.
මුළු රටම හදිසි අවස්ථාවක පවතින මෙවන් මොහොතක අසරණවි සිටින ජනතාවට මේ අන්දමින් සැලකිමට සමහර වෙළෙද ආයතන ක්‍රියාකිරිම ගැන සොයා බැලිම පාරිභෝගික අධිකාරියේ වගකීමක් වන්නේ යැයිද දම්පල් හරසර පදනම නිකුත්කළ නිවේදනයේ සදහන් වේ.
එහි සභාපති ධර්ම ශ්‍රි තිලකවර්ධන මහතා හා ලේකම් උපුල් කුමාර වීරසේකර මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජනක හෙට්ටිආරච්චි

Related posts

රාජිත රිමාන්ඩ් ..

Helarata

අගහරුවාදා සිට ග්‍රහලෝකෙට යන්න …

Helarata

ලෙඩට සංගීතය..

Helarata

Leave a Comment

Translate »