හෙළරට - දේශිය පුවත්

පරිත්‍යාගශීලිත්වයෙන් හා මානව දයාවෙන් යුතුව ජාතික වගකීමට උරදෙමු – හිටපු කථානායක

පරිත්‍යාගශීලිත්වයෙන් හා මානව දයාවෙන් යුතුව ජාතික වගකීමට උරදෙමු. -හිටපු කථානායකගෙන් ආයාචනයක්

–         

උද්ගතව ඇති ව්‍යසනය හමුවේ අරපිරිමැසුම් දායක සරල පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින් පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව ජාතික වගකීමට උරදෙන ලෙස ප්‍රමාණවත්  ආර්ථික පසුබිමක් සහිත සියලු පුරවැසියන් වෙත ආයාචනා කරමි.

මින් පෙර අංග කිහිපයකින් සමන්විත වු සුපුරුදු ආහාර වේලෙන් එක ව්‍යාංජනයක් හෝ  අඩුකර එම කොටස  මානව දායාවෙන් යුක්තව පිහිටක් අවැසි නැති බැරි ජනතාව වෙනුවෙන් කැප කිරිම තුළින්  මෙම අවස්ථාවේදී  එම ජාතික යුතුකමට දායක විය හැකිවනු ඇත.

දැනටමත් එවැනි පරිත්‍යාගශීලි හදවත් ඇති මිනිසුන් විසින් කිසිදු ප්‍රසිද්ධියකින් තොරවම අප සමඟ එක්ව  එවැනි සත් ක්‍රියාවන් ඉටුකරමින් සිටින බවද කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමි.

මෙම අවස්ථාවේදී ආහාර සැපයුම් ක්‍රියාවලියෙහි ගැටලු සහගත තත්වයන් තිබුණද  රට තුළ ආහාර හිඟයක් නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්වයක් ඇතිවීමේ අවදානම දැඩි සැලකිල්ලට ගතයුතු වේ. මේ වන විටත් රජයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම ආමාත්‍යංශය ඇතුළු අදාල ආයතන අනාගත ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගෙවතු වගාවන් දිරිමත් කිරිම කෙරෙහි ප්‍රවිශ්ඨව තිබීම පැසසිය යුතුය.

මාතෘ භූමියේ සරු මහ පොළවත්, අපගේ දහඩිය බිඳුවත් කෙරෙහි විශ්වාසය තබමින් අනලස්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට එළැඹීම තුළින් අනාගතයේදී ඕනෑම ආහාර අර්බුදයකට මුහුණදීමට ජාතියක් ලෙස අපට හැකිවනු ඇති බව සිහිපත් කරමි.

දරු මුණුපුරන් සමඟ නිවසේ ගෙවී යන මෙම කාලය සරුසාර, සෞභාග්‍යමත් ගෙවත්තක් බිහි කිරිමට  ඵලදායිව යොදාගන්නා ලෙසද සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

කරු ජයසුරිය – හිටපු කථානායක

Related posts

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට….

Helarata

කල්පිටියේ ධීවරයන්ට සෝමාලියාව එපා වෙලා….

Helarata

කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,000 මෙරටට

Helarata

Leave a Comment

Translate »