හෙළරට - ප්‍රාදේශීය පුවත්

හම්බන්තොට සමඟි සඟ සමුළුවෙන් රෝහල්වලට ආරක්ෂ කට්ටල පරිත්‍යාග කෙරේ

හම්බන්තොට දිස්ත්‍රික් සමගි සඟ සමුළුව හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලිමකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් රෝහල් වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක කට්ටල බාරදීම හම්බන්තොට දිස්ත්‍රික් මිරිජ්ජවිල ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා සිදුවිය.


සමගි සඟ සමුළුවේ සභාපති කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමි හා ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද නාහිමි අතින් එම කට්ටල සෞඛ්‍ය සේවා වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෙත භාරදුන් දුන් ආකාරය ඡයාරූපවල දැක්වේ.


මෙයට ලක්ෂ පහක පමණ මුදලක් වැයවු බවත් මෙය සකස් කර ගැනීමේදී අම්බලන්තොට රන්න වාඩිගල මියාමි ඇගළුම් ආයතනයේ සාමාන්‍යාධිකාරී උපුල් නිශාන්ත මහතා මේ පරිත්‍යාගය කිරිමට සුවිශාල දායකත්වයක් දැක්වු බව සමගි සග සමුළුවේ සභාපති කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි ප්‍රකාශ කලේය.

ජනක හෙට්ටිආරච්චි

Related posts

ඉන්දියාව කාපු පළගැටියා ලංකාවත් කන්න ඇවිත්…

Helarata

මහනුවර ඩෙංගු රෝගින් 1,114ක්…

Helarata

බලංගොඩින් කොණ්ඩේ කපාගන්න …

Helarata

Leave a Comment

Translate »