හෙළරට - දේශිය පුවත්

කොරෝනා නිසා දානය නැති පන්සල් වලට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් දානය

කොරෝනා නිසා දානය නැති පන්සල් වලට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් දානය

කොරෝනා වසංගතය හේතුවෙන් රටවැසි ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා නිසා මහා සංඝරත්නයට ප්‍රත්‍ය පහසුකම් සැලසීම කොරෝනා ගොදුරු ගම් වල දායක ප්‍රජාවට අපහසු කාර්යයක් වී ඇති බැවින් ඒ සදහා වැඩපිළිවෙලක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් ආරම්භ කොට ඇත.


අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේද අනුග්‍රහයෙන් ආරම්භ කොට ඇති මෙම වැඩපිළිවෙල දිවයිනේ සියලු ප්‍රාදේශීය ශානාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේලාගේ සහ ප්‍රාදේශීය ලේකම් මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී , බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , ශාස්ත්‍රපති ගෝනදුවේ ගුණානන්ද නාහිමියෝ පැවසුහ.


ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමින්වහන්සේලා විසින් තම බල ප්‍රදේශය තුල ප්‍රත්‍ය පහසුකම් අත්‍යවශ්‍ය අගහිගකම් සහිත විහාරස්ථාන වෙතොත් එම විහාරස්ථානයේ සහ විහාරාධිපතින් වහන්සේගේවහන්සේගේ නම , ලිපිනය , එහි වැඩවසන ස්වාමින්වහන්සේලා සංඛ්‍යාව සහ දුරකථන අංකය තමන් වහන්සේ වෙත කඩිනමින් ලබා දෙන ලෙසද ගුණානන්ද නාහිමියෝ ඉල්ලා සිටිති.


මේ සදහා පරිත්‍යාගශීලි අයටද දායක විය හැකි බවත් 038 22 32868 , 038 2232205 , 0714 422006 අංක ඔස්සේ වැඩිදුර විමසිම් කල හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් දන්වා සිටිති.


ජනක හෙට්ටිආරච්චි

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර වැඩිවේ..

Helarata

අද මේ වන විට කොරෝනා ආසාදිතයින් 414 යි..

Helarata

රුපියල අහංකාරවෙයි…

Helarata

Leave a Comment

Translate »