හෙළරට - ප්‍රාදේශීය පුවත්

නිරෝධායනය වෙමින් සිටි පිරිසකට ජලය ලබාදිමට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂක වරයකුට තියුණු ආයුධයකින් පහරදීමක්



කෑගල්ල රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොරෝනා රාජකාරිවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුට තියුණු ආයුධයකින් පුද්ගලයකු පහර දී තිබෙන බව පොලිසිය පවසයි.


රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුල නිරෝධායනය වන පිරිසකට ජලය ලබාදි ප්‍රදේශයේ අනිත් නිවාස වලට ජලය ලබාදිමට යාමේදී පුද්ගලයකු කිසිදු හේතුවකින් තොරව ඔහුට බැන වැදී තිබෙනවා ඵ පිලිබදව පොලීසිය දැනුවත් කිරිමට යාමෙදී පහර දීම සිදුව ඇත.


ඵම අවස්ථාවේදී කැපුම් තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා රඹුක්කන රෝහල වෙත ඇතුලත්ව ප්‍රතිකාර ලබනවා.
පහර දිමට සම්බන්ධ සැකකරු වයස අවුරැදු 15ක පමණ අයකු බවත් ඔහු මෙි වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් මෙි පිලිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරණ බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සැලවු පසුව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා රෝගියාගේ තත්වය සොයා බැලිමට රඹුක්කන රෝහලට පැමිණ මේ පිළිබදව පැවසුයේ.


“කොරෝනා වෛරසයෙන් ජනතාව පීඩා විඳ තිබෙන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සමස්ත මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් කරන අනුපමේය සේවයක් කරන මොහොතක මහජන සෞඛ්‍ය පරීක්ෂක සිදත් බණ්ඩාර මහතා කොරොනා වෛරසය ස්වං නිරොධාන ලක්වී ඇති නිවෙස් වලට ජලය බෙදා දීමේ අතරතුරදී පුද්ගලයකු විසින් සිදුකරන ලද පිහි ඇනිම සමස්ත සෞඛ්‍ය සේවය වෙනුවෙන් හෙළා දකින බවයි”.

මොලගොඩ – නයෝමි දිල්රුක්ෂි

Related posts

හැටන් බාර් පෝලිම දිගුවෙයි…

Helarata

මත් ද්‍රව්‍ය උපදේශනයට කොලොන්නාව සැරසෙයි..

Helarata

කෑගල්ලෙන් ආපදා වලට පෙර සුදානමක්…

Helarata

Leave a Comment

Translate »