හෙළරට - දේශිය පුවත්

බක්පෝදා සිල්වැඩසටහන් එපා – අස්ගිරි අනුනාහිමි

බක්පෝදා සිල් වැඩසටහන් එපා – අස්ගිරි අනුනාහිමි

බක්පුර පෝය යෙදෙන 7 වෙනි දින ලංකාවේ සියළුම පන්සල්වල සීලව්‍යාපාර ආදිය නොපවත්වා, ජනතාව රැස්නොකර අවශ්‍ය පින්කම් ආදිය සිදුකරනා ලෙස අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වේඬරුවෙි ශ්‍රි උපාලි හිමියෝ සියළුම විහාරාධිපතින් වහන්සේලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.


ඒ අනුව විහාරස්ථානවල සුපුරුදු සීල ව්‍යාපාර, දන්සල්,බෝධි පූජා ,ආදියට කිසිදු ආකාරයකින් දායක පිරිස් රැස් නොකරන ලෙස විහාරාධිපතින් වහන්සේලාගෙන් ඉල්ලා සිටින අස්ගිරි අනුනාහිමියෝ එවන් පින්කම් ආදිය විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ පමණක් සෞඛ්‍ය උපදෙස් අනුව ඉටුකිරිම වැදගත් බවද පෙන්වා දෙති.


මේ අවස්ථාවේදි මුල්තැන දිය යුත්තේ නිරෝගිකමට බවත් එය බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින්ද පැහැදිලිවම එය පෙන්වා දි ඇති බවත් අනුනාහිමියෝ පෙන්වා දෙති.ආරෝග්‍යා පරමා ලාභා හෙවත් උතුම්ම ලාභය නිරෝගිකම බව බුද්ධ දේශනාව බවද සදහන් කරන අස්ගිරි අනුනාහිමියෝ නිවන් දකින්නත් මුලින්ම නිරෝගිව සිටිය යුතු බව කවුරුත් අවබෝධ කරගත යුතුව ඇතැයිද කියති.


එබැවින් ලෝකය පුරා සිග්‍රලෙස කොරෝනා වෛරසය පැතිරයන ආකාරය ගැන දැනුවත්වි එයින් ආරක්ෂාවීමට සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසිලෙස පිළිපැද නිරෝගිකම ආරක්ෂාකරගැනිමට සැම දෙනාම කැපවිය යුතුයැයිද අනුනාහිමියෝ පෙන්වා දෙති.

මහනුවර – නදික දයා බණ්ඩාර

Related posts

පතල් වැඩ දුරකතනයෙන්…

Helarata

මේ සතියේ දුම්රිය කාලසටහන මෙන්න..

Helarata

ඇඳිරි නීතියේ නව සැලැස්ම

Helarata

Leave a Comment

Translate »