හෙළරට - දේශිය පුවත්

පාර්ලිමේන්තුව කොරෝනා ගුහාවක් කරන්න එපා

පාර්ලිමේන්තුව කොරෝනා ගුහාවක් කරන්න එපා

(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද නාහිමි)

රටේ දැන් පවතින්නේ අතිශය භයානක සෞඛ්‍ය ප්‍රශ්නයක් බැවින් හදිසියේ පාර්ලිමේන්තුව රැස්කිරිමෙන් ඊට කිසිසේත්ම විසඳුමක් ලබාගත නොහැකි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.


රට ⁣වටේම සිටින මන්ත්‍රීවරුන් ,නිලධාරින් හා ආරක්ෂකයන් එකම තැනකට කැඳවිම මේ මොහොතේ අතිශය භයානක සෞඛ්‍ය ගැටලුවක් බවත්, එසේ රැස්කර පාර්ලිමේන්තුව කොරෝනා ගුහාවක් කරන්න එපා කියා සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා යැයිද මේධානන්ද නාහිමියෝ කීහ.


එසේම රටේ මේ මොහොතේ පවතින්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්නයක් නොවන බවත්,උන් වහන්සේ පෙන්වා දෙති.
පාර්ලිමේන්තුව රැස්කිරිමෙන් මෙම ප්‍රශ්නයට කිසිදු විසදුමක් ගන්න බැහැ.ඔය රැස්කරන්න කියලා කියන්නේ කාලා බීලා වාද විවාද කරලා, පුටු පෙරළලා,දඟලන්න මිස කොරෝනාව මර්දනයට නොවේ.


මේ වෙලාවේ පාර්ලිමේන්තුව රැස්කරන්න කීම අඥාන ඉල්ලිමක්.එය දේශපාලනවාසි ගන්න කියන කතාවක්. දැනට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ,හමුදාව, සෞඛ්‍ය අංශ, පොලිසිය කරගෙන යන වැඩපිළිවෙළ ඒ අන්දමින් සාර්ථකව ඉදිරියටත් කරගෙන ගියවිට කොරෝනා මර්දනය අසීරුවන්නේ නැහැ. ඒ සදහා අවශ්‍ය තීන්දු කැබිනට් මණ්ඩලය හරහා ගතහැකියි. ඒ නිසා කිසිම හේතුවක් නිසා පාර්ලිමේන්තුව නැවත රැස්කිරිමක් අවශ්‍ය වන්නේ නැ.එසේ වුණොත් සිදුකරන වැඩපිළිවෙළත් කඩා කප්පල්වි විශාල අර්බුදයක් ඇතිවේවි.


මන්ත්‍රීවරුන් රැස්කළවිට ඔවුන් සමග නිලධාරින් ,ආරක්ෂකයන් සේවයට කැඳවෙනවා. ඒවගේම පාර්ලිමේන්තුවේ ඉන්න අහිංසක නිලධාරින් කැඳවන්න වෙනවා. මෙවන් අතිශය භයානක අවස්ථාවක මේ තරම් විශාල පිරිසක් එකම තැනකට රැස්විමෙන් එතැන සෞඛ්‍ය ආරක්ෂාවක් තිබිය නොහැකියි.ඒ නිසා මේ මොහොතේ එසේ රැස්විමේන් පාර්ලිමේන්තුවත් කොරෝනා ගුහාවක් බවටද පත්විය නොහැකිබව කාටවත් කියන්න බැහැ.

එසේම පාර්ලිමේන්තුව රැස්කිරිමෙන් අතිවිශාල මුදලක් ඒ සදහා වැයවෙනවා. ඒ මුදල් වැයකර අනවශ්‍ය වාදවිවාද කරනවාට වඩා ඒ මුදල් කොරෝනා මර්දනයට යෙදවීම වඩාත් ප්‍රයෝජනවත් යැයි ද එල්ලාවල මේධානන්ද නාහිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ.

-ධර්ම ශ්‍රි තිලකවර්ධන

Related posts

ලංකා⁣වේ වගාවට චීනය පොහොර දායි..

Helarata

මත්තලින් ඇමෙරිකාවට රෙදි….

Helarata

නිවසේ රැදී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට දරුවන්ට අවුරුදු අසිරිය විඳගැනීමට ඉඩදෙන්න.

Helarata

Leave a Comment

Translate »