හෙළරට - ප්‍රාදේශීය පුවත්

අද (6) කෑගල්ල නගරය තරමක් සතුටු දායක හැසිරීමක්

කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසුව අද (6) දින කෑගල්ල නගරය අවට දක්නට ලැබුණු තත්ත්වය ඉතා සතුටු දායක තත්ත්වය දක්නට ලැබිණි .

කෑගල්ල නගරය තුල ජනතාව වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම ඖෂධ හල් හා බැංකු ගනුදෙනු කටයුතු සඳහා විශාල වශයෙන් ජනතාව ඒකරාශී වී සිටියත් ඔවුන් අතරින් බහුතරයක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කල බවක් පෙනෙන්නට තිබුණි.

නමුත් සමහර තැන්වල ජනයා ඒකරාශී වී සිටින බවක් දක්නට ලැබිණි . සෞඛ්‍ය උපදෙස් නොපිළිගන්නා පිරිස් ද මේ අතර සිටි බවක් දක්නට ලැබිණි.

සමස්තයක් වශයෙන් ජනතා⁣වගේ හැසිරීම හොද තත්ත්වය පැවති අප වාර්තාකරු හෙළරට ට පැවසීය.

Related posts

විෂ නැසුමට කළුතර මන්ත්‍රී පෙරමුණ ගනී..

Helarata

ඉඹුල්පේ හරක් කොවුලේආරට..

Helarata

තිඹිරිගස්යායේ ග්‍රාම නිලධාරී කාර්යාල 08ක් එක තැනකට ගෙන එයි……

Helarata

Leave a Comment

Translate »