හෙළරට - ප්‍රාදේශීය පුවත්

එළවලු කිලෝ පන්දහසක්. ගමේ සැමට දුන් හදුන්ගමුවේ හාමුදුරුවෝ

එළවලු කිලෝ පන්දහසක්. ඇති නැති සැමටම පන්සලෙන් සහනයක් සලසන හඳුන්ගමුවේ හාමුදුරුවෝ


රතන සුත්‍ර දේශනාවෙන් ලද මුදල්ද ගමේ ජනතාවට


රටේ වත්මන් වතාවරණය මත ඇති නැති සැම අපහසුතාවයට පත්ව සිටින මොහොතක ගොදුරු ගමේ දායක දායිකා සැමට ශක්තියක් වන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි වාද්දුව මැලෑගම සුගතබිම්බාරාම පුරාණ මහා විහාරාධිකාරී , වාද්දුව මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හඳුන්ගමුවේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ.


කොරෝනා ව්‍යාප්තියත් සමග ගම වටා උදෑසන සහ සවස් කාලයේ ජංගම රථයකින් පිරිත් සජ්ජායනා කිරීම ආරම්භ කල අතර එසේ වැඩම කරන අතරතුර ගම්වැසියන්ගෙන් ලද පඩුරු මුදල් තමන් වහන්සේගේ පෞද්ගලික මුදල් විය පැහැදම් කර වියලි සලාක මලු දෙසිය පනහක් පමණ සකස් කොට බෙදා දීම උන්වහන්සේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කළහ.

ඉන් නොනැවතුණු ධම්මානන්ද මාහිමියෝ විහාරස්ථානයට අයත් හා අයත් නොවන ගම් වාසී පවුල් දෙදහසකට ආසන්න පිරිසකට එළවලු මල්ල බැගින් බෙදා දීමට කටයුතු කළහ. උන්වහන්සේ ම දඹුල්ල ප්‍රදේශයට වැඩම කොට එළවලු කිලෝ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සපයා ගෙන ඇත. ඊට පරිත්‍යාගශීලී කිහිප දෙනෙකුම උන්වහන්සේට මහත් ශක්තියක් වු බව විශේෂයෙන් සිහිපත් කලහ.


“ අපි අද දුන්නොත් තමයි හෙට ලැබෙන්නේ. ලොවම උඩු යටිකුරු කරමින් වෛරසයක් කරන පෙරළිය හමුවේ අද ලෝක බලවතුන් මෙන්ම ගමේ අහිංසක මිනිසා දක්වා හැම දෙනාම අසරණ වෙලා. හෙටක් ගැන හිතන්නත් අද අපහසුයි. මේ මොහොතේවත් මිනිසුන්ට පිහිට නොවී වෙන කවදා නම් පිහිට වන්නද ? අපි එකතු වුනොත් ඕනෑම දෙයක් කල හැකියි.මේ දිනවල එය ඔප්පු වෙමින් තිබෙනවා. මම තනියෙන් කල කටයුත්තක් නෙමෙයි. ගොඩක් දෙනෙක් උදවු කළා.ඒ හැම දෙනාටමත් පිං අනුමෝදන් කරනවා” යයි උන්වහන්සේ පවසති.

ජනක හෙට්ටිආරච්චි

Related posts

කොරෝනා වලට වැට බැදි කෑගල්ලේ සෞඛ්‍ය සේවකයෝ ඇගයේ…

Helarata

රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Helarata

කැලිඩෝ වෙරල ව්‍යාපෘතිය නිරීක්ෂණයට

Helarata

Leave a Comment

Translate »