හෙළරට - දේශිය පුවත්

ආධාර බෙදීම හමුදාව හරහා කරන්න – සුමිත්ත නාහිමියෝ ජනපතිට කියති

මේ අවස්ථාවේදි පීඩාවටපත් ජනතාවට ආධාර බෙදීම් කටයුතු හමුදාව හරහා බෙදීමට කටයුතු කිරිමෙන් එහි විනිවිදභාවයක් මෙන්ම සාර්ථක භාවයක්ද තිබෙන බව කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ලයේ ලේඛකාධිකාරි ගාලු දිසාවේ සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසති.


වියළි ආහාර ලබාදිම් ගැන රූපවාහිනියේ කෙතරම් සාකච්ජා කළත් තවමත් බොහෝ ප්‍රදේශවලට කිසිදු සහනයක් ලැබි නැතැයිද උන්වහන්සේ පෙන්වා දෙති. මේඅවස්ථාවේදි දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියළුම දෙනා එකසේ පීඩාවට පත්වි සිටින බව පෙන්වාදෙන උන් වහන්සේ රජයේ ආධාරදීමේ වැඩපිළිවෙළ යටතේ සෑම කෙනෙකුම මේ අවස්ථාවේදි ආධාර ලැබිය යුතු මට්ටමක පවතින බවද පෙන්වා දෙති.


ජනාධිපතිතුමා හමුදාව,පොලිසිය, සෞඛ්‍ය අංශ කොරෝනා මර්දනයට කරගෙන යන වැඩපිළිවෙළ සාර්ථකව ඉටුකරගෙන යනවා සේම ආධාර ලබාදිමේ වැඩපිළිවෙළද විනිවිදභාවයකින් යුතුව සිදුවිම අත්‍යාවශ්‍ය බවත් උන් වහන්සේ කියති. එසේම සමහර ප්‍රදේශවල ප්‍රාදෙශිය සභා මන්ත්‍රීවරුන් හරහා ආධාරදිම් ගැන අසන්න ලැබුණත් එය කිසිසේත්ම ජනාධිපතිවරයාගේ සංකල්පයක් නොවනබවත් සුමිත්ත නාහිමියො කියති.


ඒ නිසා පීඩාවට පත්වුවන්ට ආධාර ලබාදිම දේශපාලන කමිටු හරහා නොකර හමුදා හරහා ආධාරදිමට කටයුතු කළහොත් එම වැඩපිළිවෙළ අගතිගාමි නොවු ඉටුකරගත හැකියැයි ජනාධිපතිවරයාට යෝජනා කර සිටින බවද මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ කියති.

ජනක හෙට්ටිආරච්චි

Related posts

රටසිට ආ 157කට කොරෝනා …

Helarata

පෝයට සිසුන් ගෙදරදි සිල්..

Helarata

දකුණු කොරියාවේ ගින්නකින් 36ක් මරුදකි.

Helarata

Leave a Comment

Translate »