හෙළරට - විදෙස් පුවත්

වෙරළේ ඇවිද්ද ඇමැතිට වැඩ වරදි

නවසිලන්තයේ සෞඛ්‍ය ඇමැති සේවයෙන් පහතට

රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් මුහුදු වෙරළට ගිය සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් තනතුරෙන් පහත හෙළන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් අද (7) ප්‍රකාශ කළාය.

නවසීලන්තය ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ සීමා පැනවූ මුල් දින කිහිපයේදී එරට සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් එම නීති නොතකමින් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ මුහුදු වෙරළට ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ පසුපෙළ දක්වා තනතුරින් පහත හෙළන බව කී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඔහු සමාජ දුරස්ථභාවයට අදාළ නීති කඩ කර ඇතැයි ද කීවාය.


නවසීලන්ත රජයේ කිසිදු දේශපාලන බේදයකින් තොරව නීතිය ඉතා ඉහළින්ම ක්‍රියාත්මක කරන බවත් එහිදි කිසිදු බලපෑමකට ලක්නොවන බවත් නවසිලන්තයේ ප්‍රධාන සංඝනායක, ඕක්ලන්ඩ් නුවර ශ්‍රි ලංකාරාමාධිපති වල්ගම ශ්‍රි මුනින්දවංශ නාහිමියො හෙළරට පුවත් සේවයට පැවසුහ.

Related posts

ළං නොවෙන්න ජර්මනියේ නුඩ්ලස් තොප්පියක්…

Helarata

හයිටියේ ලාංකික ශ්‍රමිකයන්ට උදව්කළාට කියුබාවට දිනේෂ් තුති පුදයි…

Helarata

රුසියා මාධ්‍යවේදිනියට ඇමෙරිකාවේදි ප්‍රහාරයක්….

Helarata

Leave a Comment

Translate »