හෙළරට - ප්‍රාදේශීය පුවත්

පරතරය නැති කෑගල්ලේ මගී ප්‍රවාහනය


පරතරය නැති කෑගල්ලේ මගී ප්‍රවාහනය


රට පුරා පැතිර යන කොවිඩි 19 වෛරස් රෝගි තත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂක අංශ රාජ්‍යය ආයතන හා රාජ්‍ය නිලදාරින් ඵක්ව මෙි වන විට කොරෝනා වෛරස් තත්වය මැඩ පැවැත්විමට ජිවිත අවධානම නොතක රාජකාරි කටයුතු සිදුකලත් ජනතාව ඇදිරි නිතිය ලිහිල් කල අවස්ථාවල සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිලිනොපැද වෙලදසැල් ඉදිරිපිට සහ මගී බස්රථ තුල මීටරයක අවම පරතරය පවත්වා ගැනිමට කටයුතු සිදුනොකරන බව අපට දැක ගන්නට හැකිවිය.


කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් විටින් විට දිගු පෝලිම් තිබෙන වෙළදසැල් අසලට පැමිණ පාරිභෝගික ජනතාව දැනුවත් කිරිමි සිදුකලත් ඔවුන් නික්ම යැමෙන් පසුව නැවත පරතරය පවත්වාගැනිම සිදු නොවන බව අපට දැක ගන්නට හැකිවිය.

ඇතැම් ව්‍යපාරික ස්ථාන වල මිටරයක පරතරය පවත්වාගැනිම සදහා පෞද්ගලික ආරක්ෂක නිලධාරින් සේවකයන් යොදවා කෝරොනා තත්වය මැඩ පැවැත්විමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහයෝගය ලබාදිමට කටයුතු කලත් බොහෝ ස්ථානවල ජනතාව සැලකිල්ලට ගැනිමක් දක්නට නොමැත.


කෑගල්ල නගරය පුරා 06දා අප කල සංචාරයකදී කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් අවම පරතරය ගැන නොසලකා රථය තුල මගීන් වීශාල පිරිසක් රැගෙන යන අවස්ථාවක කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරි කාර්යාලය ඉදිරිපිටදී බස් රථය නවතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය දර්ශන විජේතුංග මහතා සහ මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන් අනාරක්ෂිත මගී ප්‍රවාහනය තුලින් ඇති විය හැකි අවධානම පිලිබදව ජනතාව දැනුවත් කිරිම අප හෙළරට කැමරාවේ මෙලෙස සටහන් විය.


නයෝමි දිල්රැක්ෂි- මොළගොඩ

Related posts

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට පියවර …

Helarata

රඹුක්කනට රෝහලට කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්..

Helarata

පහමුණේ අනුනාහිමි සමරා දුෂ්කර ගම්වලට ආධාර

Helarata

Leave a Comment

Translate »