හෙළරට - දේශිය පුවත්

වෛද්‍ය රූප රාජිනියෝ කොරෝනා මැඩලන සටනේ

වෛද්‍ය රූප රාජිනියෝ කොරෝනා මැඩලන සටනේ

වෘත්තියෙන් වෛද්‍යවරියන්වු ලෝක රූප රාජිනියන් කීප දෙනෙකුම මේවනවිට කොරෝනා වෛරස වසංගතය හමුවේ සිය සේවාව සක්‍රියව ලබාදි තිබේ.

ඒ අනුව 2019 දී එංගලන්තයේ රූ රැජිණ කිරුළ දිනාගත් භාෂා මුකර්ජි කොරෝනා වෛරස වසංගත මධ්‍යයේ ඇය නියැළි සිටි විදෙස් පුණ්‍ය කටයුතුවලින් බැහැර වී  වෛද්‍යවරියක ලෙස සිය වෘත්තිය සේවය ලබා දීම සඳහා නැවත එංගලන්තයට පැමිණ තිබේ.

භාෂා මුකර්ජි නම් බ්‍රිතාන්‍ය රූ රැජිණ 2019 දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජින තරඟයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වීමෙන් පසු කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස සිය වෘත්තීය ජීවිතයෙන් විවේකය ලබා ගත්තාය. ඇය නැගෙනහිර එංගලන්තයේ බොස්ටන්හි පිල්ග්‍රිම් රෝහලේ දැනට සේවයේ යෙදි සිටින්නීය.


එසේම 2018 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රූප රැජිනිය ලෙස කිරුළ හිමිකරගත් ශ්‍රි ලංකාවේ නුවන්දිකා සිරිවර්ධන මෙනවියද වෘත්තියෙන් වෛද්‍යවරියකි. ඇය මේවනවිට කොළඹ දිස්ත්‍රික්කයේ නවගමුව රජයේ රෝහලේ සේවය කරන්නීය. හෝමාගම හා මුල්ලේරියාව රෝහල් කොරෝනා රෝගීන් සදහාම වෙන්කිරිම නිසා එම රෝහල්වල ගිය සාමාන්‍ය රෝගීන් සියළු දෙනා නවගමුව රජයේ රෝහලට පැමිණෙමින් සිටි .ඒ අනුව රූප රැජිනයකවු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ද දුෂ්කරතා මධ්‍යයෙහි සිය සේවාව අඛණ්ඩව රෝගීන් උදෙසාම ලබාදෙමින් සිටි.

වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ද ලංකාවේ විවිධ ප්‍රදේශවල සමාජ හා ආගමික කටයුතු කරන සමාජ සේවිකාවකි.

මේ අතර අග්‍රාමාත්‍යධුරය හොබවන අතරවාරයේදී කොරෝනා වෛරසයට එරෙහි සටනට සහාය දෙමින් සතියකට වරක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් තීරණය කර ඇත.

ඒ අනුව අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අලුත් කරගෙන ඇත.

Related posts

නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පැෆ්රල් සුබපතයි…

Helarata

පන්නිල හා චීන කොරටුව ගම් හුදකලා වෙයි.

Helarata

ඇම්ෆන්ගෙන් දැඩි ප්‍රහාර…

Helarata

Leave a Comment

Translate »