හෙළරට - දේශිය පුවත්

COVID 19 අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලීසියෙන් රුපියල් කෝටි 06

COVID 19 අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලීසියෙන් රුපියල් කෝටි 06

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදලෙන් රුපියල් කෝටි 05ක් ද වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළේය.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට පිළිවන.

Related posts

අධිවේගයේ අලි ජරමරයක්…

Helarata

බැන බැන ගිය අයත් කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට ඇවිත්..

Helarata

විදෙස්හි සිටින ලාංකිකයන් 33ක් ගෙන්වාගැනිමට පියවර

Helarata

Leave a Comment

Translate »