හෙළරට - දේශිය පුවත්

අවුරුදු සමරන්න ගියොත් කොරෝනා වැඩිවේවි- හෑගොඩ විපස්සි හිමි

අවුරුදු සමරන්න ගියොත් කොරෝනා වැඩිවේවි – හෑගොඩ විපස්සි හිමි

අවුරුදු සිරිත් විරිත් ඉටුකිරිමේ මතය ජනතාවගේ ඔළුවට දැනුනොත් නව කොරෝනා ව්‍යසනය වළක්වාලීමට මේ දක්වා ගත් සෑම පියවරක් අපතේ ⁣ගොස් වෛරසය පැතිරයෑම වේගවත් විය හැකියැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය පෙන්වා දෙයි.


සිරිත් විරිත් සකස්වි ඇත්තේ සමාජයේ යහපැවැත්මට බැවින් එම චාරිත්‍ර ඉටුකිරිමට ගොස් පුද්ගල රැස්විම් ආදිය සිදුවුහොත් එම චාරිත්‍රයම සමාජ අයහපතටද හේතුවක් වියහැකියැයි ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ කියා සිටිති.


මුළු ලෝකයේම දහස් ගණන් මිනිසුන් නව කොරෝනාවෙන් මියයද්දි,ලෝකයේම හදවත් ගිනි ගනිද්දි අවුරුදු සමරමින් සතුටුවිය නොහැකියැයිද උන් වහන්සේ පෙන්වා දෙති.
මෙවර අවුරුදු නැකත් පත්‍රයෙන් වැළකි සිටිම තමයි හොඳම උසස්ම චාරිත්‍රය.අවුරුදු සිරිත්විරිත් නොකළා කියා එයින් අවැඩක් , පවක් ⁣හෝ අයුක්තියක් සිදුවන්නේනැ.අවුරුදු චාරිත්‍ර ඉටුකිරිමේ මතය මිනිසාගේ ඔළුවට ආ විගසම දැනට පවතින නීතිරිති අස්සෙන් රිංගා යමින් ජනතාව සංචරණය වීමට පටන්ගන්නවා.⁣ඒ වගේම වෙළෙදුන් පවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කැවිලි පෙවිලි විකිණිමට පටන් ගන්නවා.එවිටදැනට පවතින පුද්ගල දුරස්ථභාවය නැතිවි වෛරසය පැතිර යෑම වේගවත් වේවි.

ඒ නිසා අවුරුදු වැඩසටහන් ඉදිරිපත් කරමින් ජනතාව ඒසදහා පොළවන ආකාරයේ ක්‍රියා නොකරන ලෙස විද්‍යුත් මාධ්‍යයෙන්ද ඉල්ලා සිටිනවා යැයිද හෑගොඩ විපස්සි හිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ.


අවුරුදු චාරිත්‍ර ඉටු නොකළා කියා කිසිදු පවක් පවක් හෝ අයුක්තියක් සිදුනොවන බව සිත්හි තබාගත යුතුයැයිද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

Related posts

චීනය කොරෝනා හැදුණු රටවලින් ණය අයකරගැනිම අත්හිටුවයි….

Helarata

පුණ්‍ය කාල නැකතේදි අන්තර්ජාලයෙන් පිරිත් දේශනා කරන්න.

Helarata

කොලපාටට රතු එළි…..

Helarata

Leave a Comment

Translate »