හෙළරට - ප්‍රාදේශීය පුවත්

ගාල්ල ධීවර වරායේ ගින්න මැඩලයි – නාවික හා ගිනිනිවිමේ හමුදා එකතු වෙන්

ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව ඊයේ (2020 අප්‍රේල් 08) සමත්විය.

ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගිනි ගන්නා බවට දකුණු චනාවික විධානයේ මෙහෙයුම් මැදිරියට ලද තොරතුරකට අනුව ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත්කර යවා ඇත.

නාවික හා ගිනිනිවිමේ භටයන් ගිනිනිවීමට යුහුසුළු වෙමින්.

ඒ සඳහා දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය මගින් ජල බවුසර් 02 ක් ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, ගාල්ල ගිණිනිවීමේ ඒකකය හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න අනෙකුත් ධීවර යාත්‍රා පුරා ව්‍යාප්ත වීමට ඉඩ නොදී සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

Related posts

කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වේ .

Helarata

තංගල්ලට අලුත් රෝහලක්!….

Helarata

රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Helarata

Leave a Comment

Translate »