හෙළරට - දේශිය පුවත්

මල්වතු අස්ගිරි උපසම්පදාව කල් දමයි – මල්වතු අස්ගිරි මහනාහිමිවරු

මල්වතු අස්ගිරි උපසම්පදාව කල්යයි

කොවිඩ්-19 වයිරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි වාර්ෂිකව සිදුකෙරෙන්නාවූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

අස්ගිරි නාහිමි


ඒ අනුව කොවිඩ්-19 වයිරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මල්වතු නාහිමි

සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කරගනිමින් උපසම්පදා විනයකර්ම සිදුකරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍යයෝත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු වැඩබලන ලේඛකාධිකාරී සෝමාවති රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් මූලිකත්වයෙන් සිදු කෙරෙන්නාවූ වෙසක් උත්සවද මෙවර නොපැවැත්වේ.

නදීක දයා බණ්ඩාර- මහනුවර

Related posts

Android Co-founder Has Plan To Cure Smartphone Addiction

Helarata

නාවික හමුදාවේ 60 කට කොරෝ්නා.

Helarata

ප්‍රේමලාල් දෙවැනි තැන, පවිත්‍රා එකට

Helarata

Leave a Comment

Translate »