හෙළරට - දේශිය පුවත්

රාජකාරී හැඳුනුම්පතට අමතරව තවත් ලිපියක් අවශ්‍යයි

රාජකාරී හැඳුනුම්පතට අමතරව තවත් ලිපියක් අවශ්‍යයි

අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට සිය රාජකාරී හෝ ජාතික හැඳුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක් පනවා ඇත.

10 දා සිට එම නව කොන්දේසිය ක්‍රියාත්මක වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ කිය.

කෙසේ වෙතත් මෙම නව කොන්දේසිය වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතනවලට අදාළ නොවේ.

අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති ඇඳිරිනීති බලපත්‍ර ලබන 30 වනදා තෙක් වලංගු වන බැවින් අදාල බලපත්‍ර ක්ෂණිකව අලුත් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Related posts

ඇදිරි නීතිය ලිහිල් වෙි..

Helarata

නැවෙන් ගිය 235ක් මත්තලට උඩින් ඇවිත්….

Helarata

සදුදා ඇරඹෙන සතියේ දුම්රිය ගමන් කාල සටහන…

Helarata

Leave a Comment

Translate »