හෙළරට - ප්‍රාදේශීය පුවත්

හිටපු නියෝජ්‍ය ඇමැති හා ආරක්ෂකයන් නිරෝධායනයට

හිටපු නියෝජ්‍ය ඇමැති හා ආරක්ෂකයන් නිරෝධායනයට

වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාට ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දී තිබේ .

මස්තාන් මහතා මන්නාරමේ තාරපුරම් ප්‍රදේශයේ අවමංගල උළෙලකට සහභාගී වී ඇති අතර එම අවමංගල අවස්ථාවට පුත්තලමේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළදී මියයාම නිසා සෞඛ්‍ය බලධාරීන් මන්ත්‍රීවරයාට ස්වයං නිරෝධනයේ යෙදෙන ලෙස උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.

කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයා හා මන්ත්‍රීවරයා විශාල කාලයක් කතා බහ කරමින් සිටි බවටද තොරතුරු ලැබී ඇත.

මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ අවමංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයා කොරෝනා රෝගයෙන් මියයාමත් සමගම මන්නාරම තාරපුරම් ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමා යුද හමුදා මාර්ග බාධකයක්ද යොදා ඇත.

තාරපුරම් බටහිර කොටසේ පවුල් 564 ක්ද නැගෙනහිර කොටසේ පවුල් 358 ක්ද වශයෙන් වූ ඒ ගම්මාන දෙකෙහි වැසියන් 2800 ක් පමණ ජීවත් වන අතර ඔවුන් සියලු දෙනාටම ස්වයං නිරෝධනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත.

පුත්තලමේ සිට මන්නාරම තාරපුරම් ගම්මානයේ අවමංගල උළෙලට සහභාගී වූ කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයා පුද්ගලයා ඊට දින කීපයකට පෙර ඉන්දුනීසියාවේ සංචාරය කොට ආපසු පුත්තලමට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තාවේ.

Related posts

සැමන් ගෙ⁣ට වෙයි – රු. 220 – 280

Helarata

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට පියවර …

Helarata

බොල්ගොඩ මන්නයා මරුට

Helarata

Leave a Comment

Translate »