හෙළරට - ප්‍රාදේශීය පුවත්

කඩුවෙලට දැම්ම ජරාව ඉවත්කිරිමට නියෝග

කඩුවෙල නගරයට සමීප වෙලේ හන්දිය ආසන්නයේ ඇති පහත් බිමකට මුදාහැර ඇති වැසිකිලි අපද්‍රව්‍ය ගෙනැවිත් දැමූ සමාගම ලවා වහා ඉවත් කරවන්නැයි නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් .ඒ. ගීතාල් මහතා විසින් නවගමුව පොලිසියට උපදෙස්දි ඇත.
 


 කැලණි ගඟට ඉතාම සමීප තැනිතලා බිමකට පෞද්ගලික සමාගමක් විසින් ගෙනැවිත් දමන ලද ගලි බවුසර් 30ක් පමණ වූ මෙම වැසිකිලි අපද්‍රව්‍ය හේතුවෙන් කැලණි ග⁣ගේ පානීය ජලය අපවිත්‍රවීමට ඉඩ ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පෙන්වා දීමෙන් පසු මෙම නියෝගය දුන් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
  
මෙය අපද්‍රව්‍ය දැමීම තහනම් කරන ලද ඉඩමක් බවත් එය කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් වර්ෂාවත් සමඟ අපද්‍රව්‍ය ගඟට මුසුවනු ඇත.
 
මෙය කඩිනමින් ඉවත්කිරිමට පියවරගනු ඇතැයි දැනගන්නට ඇත.

සුගත් ප්‍රේමතිලක – කඩුවෙල

Related posts

කෑගල්ලේ ග්‍රාමීය තරුණ ප්‍රජාවට කලා කව -දිසාපති මහින්ද එස් වීරසූරිය

Helarata

අඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරිය ස්වයං නිරෝධායනයේ..

Helarata

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට පියවර …

Helarata

Leave a Comment

Translate »