හෙළරට - දේශිය පුවත්

ශ්‍රි පාද තේවාව අඛණ්ඩව

ශ්‍රි පාද තේවාව අඛණ්ඩව

ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක්  තේවාවන් සහ පුද සිරිත් පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල ශ්‍රී රජමහ විහාරාධිපති  බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
 

ශ්‍රී පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතයේ සිට පවත්වාගෙන පැමිණි ආකාරයට සිදු කරන බවද නාහිමියෝ පවසති. වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවිමට නියමිතය.


2019 – 2020 ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කිරිමට නියමිතය.

සරත් වීරවංශ -බලංගොඩ

Related posts

ප්ලාස්ටික් කොස්සට ගුඩ්බායි…

Helarata

නාටාමිලාට සෞඛ්‍ය උපදෙස්…

Helarata

In Kogonada’s ‘Columbus Modern Architecture

Helarata

Leave a Comment

Translate »