හෙළරට - විදෙස් පුවත්

නවසිලන්තයේ නිවෙස්වලට යෑම තහනම්

නවසිලන්තයේ නිවෙස්වලට යෑම තහනම්

නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

අද වන විට ලෝකය පුරා පැතිරී ඇති කොරෝනා වසංගතය හේතුකොටගෙන නවසීලන්ත රජය විසින් සුපිරි වෙළඳසැල්, ඔසුසැල්, රෝහල් වැනි අත්‍යාවශ්‍ය සේවා පමණක් සාමාන්‍ය පරිදි විවෘතව තබන ලෙසටත් අනෙකුත් සියළුම ආයතන වසා තබන ලෙසටත් නියෝග කර ඇත.


මිට අමතරව මෙම අත්‍යවශ්‍ය සේවාවන්හි නියැළෙන පුද්ගලයන් හැර අනෙකුත් සෑමදෙනාටම හැකිතාක් දුරට තමන්ගේ ගමන්බිමන් සීමාකරන ලෙසට රජය විසින් උපදෙස් දී ඇත.


මෙම විශේෂ තත්වය යටතේ මහජනතාවට තම නිවෙස ආසන්නයේ සීමාසහිත දුරක ඇවිදීම් වැනි ව්‍යායාම කිරීමට අවසරය ඇතත් වෙනත් අයගේ නිවෙස්වලට යාම හෝ ක්‍රීඩා පිට්ටනි හෝ මුහුදුවෙරලේ ක්‍රීඩා කිරීම වැනි දෑ තහනම් වී ඇත.


මේ අතර පසුගිය පැය විසිහතර තුල කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු මියයාම හේතුවෙන් මේ වනවිට නවසීලන්තයේ මෙම රෝගයෙන් මියගිය ප්‍රමාණය 4 දක්වා ඉහළ ගොස් ඇත.


මේ වනවිට නවසීලන්තයේ ස්ථිරවම තහවුරු කරගත් සහ කොරෝනා අසාදනය වී ඇතැයි අනුමාන කල හැකි මුළු ගණන 1312 කි.


පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මෙසේ රෝගීන් ප්‍රමාණය සහ මියයන ප්‍රමාණය මෙතරම් අවම ප්‍රමාණයක පවත්වා ගැනීමට හැකිවී ඇත්තේ නවසීලන්ත ජනතාවගෙන් ලැබෙන සහයෝගය නිසා බව පැවසූ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩන් මහත්මිය විශේෂයෙන් තමන් නවසීලන්ත ජනතාවට ඒ වෙනුවෙන් ස්තූති කරන බව පැවසුවාය.

Related posts

කටවැසුවේ නැති අයට ඇමෙරිකාවේදි උණ්ඩයක්….

Helarata

නවසීලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹේ….

Helarata

විනිසුරුවරිය රෝහලේ සිට නඩු අසයි..

Helarata

Leave a Comment

Translate »