හෙළරට - ප්‍රාදේශීය පුවත්

බලංගොඩ කඩයක් ගිනිගෙන පියා- දියණිය මරුට

බලංගොඩ කඩයක් ගිනිගෙන පියා- දියණිය මරුට

බලන්ගොඩ රුක්අත්තන ප්‍රදේශයේ වෙළෙඳ සැලක හටගත් ගින්නකින් එහි සිටි පියා සහ දියණිය පිලිස්සී මියගොස් ඇත.  

එසේම වෙළෙඳ සැල තුළ  සිටි මව සහ පුතා බරපතල පිලිස්සුම් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. 

වයස අවුරුදු 59 ක පියා සහ වයස අවුරුදු 19 ක දියණිය ගින්නෙන් මියගොස් ඇත.අද (11)අළුයම 3.00-3.30 අතරේදි මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා බලංගොඩ පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කර තිබෙන බව එම කඩය ඉදිරිපිට පිහිටි රුක්තඅත්න විහාරයේ අධිපති හතරබාගේ උපරතන හිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය කරගෙන  නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව බලන්ගොඩ පොලිසිය පැවසීය.

සරත් වීරවංශ – බලංගොඩ

Related posts

ජපන් ජාතික මිකිගෙන් අපේ අයට වියළි ආහාර..

Helarata

අරනායක – විල්පොල සේවා පියස ජනතා අයිතියට

Helarata

ත්‍රිකුණාමලයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම 98% යි..

Helarata

Leave a Comment

Translate »