හෙළරට - දේශිය පුවත්

අඳින ලියන වැඩෙන් වැඩ අල්ලන්න – දූ දරුවන්ට අධ්‍යාපන ඇමැති කියයි

අලුත් අවුරුද්ද උදාවනවා කියන්නේ ජීවිතය අලුතින් පටන් ගන්නා අවස්ථාවක් උදා වෙනවා කියන එක. සිංහල දමිල අලුත් අවුරුද්ද වැදගත්ම සංස්කෘතික අංගයක් තමයි නැකැත් චාරිත්‍ර. නැකතට වැඩ ඇල්ලීම ඒ අතරේ සිසු දරු ඔබ සැමට ඉතා වැදගත් යැයි අධ්‍යාපන හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

තව දුරටත් නිවේදනයේ සඳහන් වන්නේ,

සිංහල දමිල මුස්ලිම් දුවේ පුතේ දහතුන් වැනි දා රාත්‍රියේ 10.43 ට එළඹෙන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතට ඔබේ පැන්සල පෑන අතට ගෙන අප මාතෘ භූමිය සෞභාග්‍ය හා සමගියේ අරුණැල්ලෙන් සරසන ලස්සන අනාගතයකට ගෙන යන රටක් වටිනා ඔබගේ රටක් වටින කතාව, රට වටිනා පොතක් බවට පෙරලන්න.

ඔබ ගේ මනරම් නිරෝගී අනාගතය වෙනුවෙන් ඔබේ රට ම මහන්සියෙන් , උනන්දුවෙන් වැඩ කරන මේ මොහොතේ ඔබ ලද මේ අවස්ථාව අත හරින්න එපා. හෙට පිපෙන දස දහසක් සිසු දරු පොත් වලින් අපේ මුළු රටම සුවඳවත් කරමු.. මුළු ලොවට ම ඔබේ ලස්සන පණිවිඩය ලබා දෙමු.

අතාරින්න එපා… අත් නොහැර අල්ලා ගමු … අඳින්න ලියන මේ වැඩෙන් මේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලමු යි

අමාත්‍යවරයා තවදුරටත් මේ නිවේදනයේ දක්වා තිබුණි.

Related posts

වෙරිවී දැගලු රාලහාමිගේ වැඩ තහනම්…

Helarata

හේලීස් සමාගමෙන් ත්‍රිවිධ හමුදාවට මිලියන දෙකක ද්‍රව්‍යමය පරිත්‍යාගයක්….

Helarata

විදුලි බරෙන් කොටසකට ආණ්ඩුව කරගහයි….

Helarata

Leave a Comment

Translate »