හෙළරට - දේශිය පුවත්

අලුතින් සිතන්න කාලය ඇවිත්

හිටපු කතානායක කරු ජයසුරිය

ජීවන රටාව ගැන අලුතින් සිතන්නට කාලය එළැඹ ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ අවුරුදු පණිවිඩයේ දැක්වේ.
එම පණිවිඩය මෙසේය.

මිනිසා පමණක් නොව සමස්ත ලෝවැසි ප්‍රාණීන්ද සියළු ජල මුලාශ්‍ර හා වෘක්ෂලතා ආදියද සියල්ලන්ට හුස්ම පොද සපයන වායු ගෝලයද සොබාදහමෙහි කොටස්ය. එම යථාර්ථය නිවැරදිව තේරුම් ගනිමින් අනෙකුත් සියලු කොටස් සමඟ සාධාරණ ගණුදෙනුවක යෙදීමේ වගකීම මනසින් උසස්  මනුෂ්‍යයා සතුය.

නමුත් මිනිසා අතින් එම සමබරතාවය බිඳී යාමේ බියකරු ප්‍රතිඵලයකට ලෝකය මුහුණදී ඇති තීරණාත්මක අවස්ථාවක මෙවර සිංහල හින්දු අළුත් අවුරුදු උදාවේ. සැබවින්ම මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට පමණක්ච නොව සමස්ත ලෝ වැසියන්ටම සිය ජීවන රටාව පිළිබඳව අලුතින් සිතීමට බලකර ඇති මොහොතකි.

සිංහල හින්දු අළුත් අවුරුද්දට වෙනදා මෙන් උත්සව සැණකෙළි, නෑදෑ ගමන්, අලුත් ඇඳුම් පැළඳුම් හෝ සුපුරුදු රස මසවුළු නොමැති බව සැබෑවකි. නමුත් දශක ගණනාවකට පසුව මත් වතුරෙන් නිදහස් අවුරුදු සැමරුමක් යෙදී ඇති බැවින් පවුලේ එකිනෙකා කෙරෙහි ආදරය, ගෞරවය සහ බැඳීම වඩාත් ශක්තිමත් වනු ඇත.

සරල පරිභෝජන රටාවකට අවතීර්ණව ස්වකීය ආහාරයෙන් කොටසක් හැකි පමණින් අසරණභාවයට පත්ව සිටින සිය අසල්වැසියාට පරිත්‍යාග කිරිමේ මානව දායාවෙන් පිරි සමාජීය යුතුකම ඉටුකිරිමට අවස්ථාව සැලසී ඇත.

දූදරුවන් සමඟ පවුලේ සියලුදෙනා එක්ව ආහාර බෝග ඇතුළු රුක් රෝපණය කෙරෙහි නැඹුරු වෙමින් පරිසරය උදෙසා මෙතෙක් මඟ හැරුණු යුතුකම් ඉටු කිරිමට උචිත කාලයක් එළැඹ තිබේ.

සුර්යයා මුලික කරගනිමින් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීමත්, සියල්ලන් කෙරෙහි සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරිමත්, සංකේතවත් කරන  විශිෂ්ඨ සංස්කෘතික උළෙලක් වන සිංහල හින්දු අළුත් අවුරුද්දේ සැබෑ අරුතට එතුළින්  සමීප විමට හැකිවනු ඇත.

මෙම තීරණාත්මක දින කිහිපය වගකිව යුතු පුරවැසියෙකු ලෙස සිය දරු පවුල සමඟ එක්ව වඩාත් සුරක්ෂිතව තම ගෘහයට පමණක් සීමා වන ලෙස චාරිත්‍ර වාරිත්‍ර සමරන ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

පැමිණි උවදුර අභියෝගයක් බවට පත්කර ගනිමින් එය ජය ගැනිම   ප්‍රමුඛ අරමුණ ලෙස ගෙන  ශක්තිමත් ජාතියක් වශයෙන් නැගී සිටිමේ අධිෂ්ඨානය ජනිත වන සිංහල හින්දු අළුත් අවුරුදු සැමරුමකට ආසිරි පතමි.

Related posts

ඩුබායි සිට එනවිට කො⁣රෝනාත් අරන් එයි…

Helarata

මාවනැල්ල ගංවතුරින් යටවීම අවම කිරිමට සැලසුම් ….

Helarata

වසර කීපයක් ආරක්ෂක කමිටුවකින් රට පාලනය කරන්න -ශ්‍රි පාදස්ථානාධිපති නාහිමි.

Helarata

Leave a Comment

Translate »