හෙළරට - ප්‍රාදේශීය පුවත්

ස්වයං නිරෝධායනයේ සිටි අය බූරු ගහන්න ඇවිත්

ඇදිරි නීතිය අස්සේ තරුණියක් බූරු ගස්වලා

සරත් වීරවංශ – බලංගොඩ

ඇඳිරිනීතිය පනවා තිබියදි හල්දුම්මුල්ල වෑඑලිය   නිවසක මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ  හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට දින දාහතරක් නිරෝධායනය ට යොමු කර  නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හේන  මහතා නියම කළේය.

 මෙම සූදු පොළ වටලා  කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පස් දෙනෙකු   හල්දුම්මුල්ල පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබුණි.

24 හැවිරිදි තරුණියක් මෙම සූදුපොල කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන බවට පොලීසියට  තොරතුරු අනාවරණය වී තිබේ .

එම ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අය  විටින් විට මෙම බූරු පොළට පැමිණෙන බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබිණ .

හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ  මූලිකත්වයෙන් යුත් පොලිස් නිලධාරීහු  කණ්ඩායමක්   මෙම වැටලීම සිදු කළහ. 

Related posts

බලංගොඩින් කොණ්ඩේ කපාගන්න …

Helarata

තංගල්ලට අලුත් රෝහලක්!….

Helarata

කෑගල්ලෙන් වගා සංග්‍රාමයට අත්වැලක්

Helarata

Leave a Comment

Translate »