හෙළරට - විදෙස් පුවත්

කොරෝනාවෙන් ප්‍රංශයේ මිලියන 6කට රැකියා අහිමියි..

කොරෝනාවෙන් ප්‍රංශයේ මිලියන 6කට රැකියා අහිමියි

ලොව පුරා රටවල් 208 කට වඩා ව්‍යාප්තව ඇති නව. කොරෝනා වෛරසය දිනෙන් දින ඉතා විශාල ලෙස ව්‍යාප්තිය වැඩිවීමක් පෙන්නුම් කරණ අතර ලොව පුරා මියගිය සංඛ්‍යාව 100000 කට අධිකය.


අප්‍රේල් 10 දිනය වන විට ප්‍රංශයේ ආසාදිත වූ රෝගීන් ලෙස රෝහල් ගතවූ ප්‍රමාණය 90676 කි. ගෙවල්වල සහ වෙනත් වැඩිහිටි නිවාස වලින් 34193 කි. මුලු ආසාදිතයින් ලෙස හදුනාගත් සංඛ්‍යාව 124869 කි.


ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 7004 කි.රෝහල් ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 31267 කි. පසුගිය පැය 24 තුල රෝහල් වලදී මියගිය සංඛ්‍යාව 554 කි. වැඩිහිටි නිවාස වලදී පසුගිය පැය 24 තුළ මියගිය සංඛ්‍යාව 433 කි. පසුගිය පැය 24 තුළ මියගිය මුළු සංඛ්‍යාව 987 කි. මෙම වයිරසය නිසා මේ වන විට ප්‍රංශයේ රෝහල් වලදී මියගිය මුළු ප්‍රමාණය 8598 කි. ඊට අමතරව වැඩිහිටි නිවාස වලදී ද මෙම වයිරසය නිසා මියගිය සංඛ්‍යාව 433 කි . ප්‍රංශයේ මෙම වයිරසය හේතුවෙන් මියගිය මුළු ගණන 13197 කි. මේ අතර අවුරුදු 16 ක ළමයෙක්ද වේ.

මෙම වයිරසය ආසාදනය වී සුවවී ඇති ප්‍රමාණය 24932 කි. අප්‍රේල් 15 දක්වා දැනට පනවා ඇති ජනතාවට ගෙවල් වලටම වී සිටීමේ නියෝගය දීර්ඝ කර ඇත.
අනවසරයෙන් ගෙවල් වලින් පිටව යන අයට නියම කර තිබුන යුරෝ 135 ක දඩය යුරෝ 200 ක් කර ඇත.

ආරෝග්‍යශාලා වල ඉඩ පහසු කම් නැතිවීම නිසා කැස්ස හා උණ තත්වය තිබේනම් ගෙදරට වී පෙරසැටමෝල් පාවිච්චියට ගෙන වෙන්වී හුදකලාව සිටින් ලෙසත් දොස්තරවරු උපදෙස් දී ඇති අතර හුස්ම ගැනීමට අපහසු නම් ඇම්බියුලන්ස් කතා කරණ ලෙසත්ය.
මියගිය අයගෙන් 35% අවුරුදු 60 ට අඩු අයය. එංගලන්තයේ වයස 12 ක ළමයෙක් හා බෙල්ජියමේ වයස 13 ක ළමයෙක්ද මියගොස් ඇත.


දුරස්ථ බව තබාගැනීම හා මුඛ ආවරණ පැලදීම මෙන්ම අතට අතට අත දීමෙන් වැලකීම මෙම රෝගය ආසාදනයවීමෙන් වැලකීමට පිළිපැදිය යුතු උපදෙස් ලෙස දැනුවත් කර ඇත.

මෙම ව්‍යසනය නිසා ප්‍රංශයේ මේ වනවිට රැකියා අහිමි වී ඇති ප්‍රමාණය මිලියන් 6 කට අධිකය. වසා දමා ඇති ආයතන ප්‍රමාණය 473000 කි

සතියක් සදහා රෝහල් සදහා අවශ්‍ය මුඛ ආවරණ මිලියන 40 කි. සාමාන්‍ය ජනතාවට මුඛ ආවරණයක් ලබා ගැනීම ඉතා අපහසුය.

Related posts

ඇමෙරිකා පොලිස් ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි…

Helarata

යළි එන්න ට්‍රම්ප් ජිංපිං ගෙන් උදව් ඉල්ලලා…

Helarata

ට්‍රම්පේ රැලියේ සංවිධාකයන්ටත් කොරෝනා….

Helarata

Leave a Comment

Translate »