හෙළරට - දේශිය පුවත්

මිනිසා වැරදි හැසිරිම්වලට සොබා දහම පාඩමක් ඉගැන්නුවා – ප්‍රංශයේ සංඝනායක නාහිමියෝ.

ධර්ම ශ්‍රි තිලකවර්ධන

මිනිසාගේ වැරදි විෂම හැසිරිම් නිසා සොබා දහම කොරෝනා නමින් පාඩමක් උගන්වා ඇතැයි පවසන ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ මේ වසරේ සිටවත් එම වැරදි පුරුදුවලින් ඈත්වි ජීවත්විමට අදිටන් කරගත යුතුයැයි පවසති.


හෙළරට පුවත් සේවයට ප්‍රංශයේ සිට වි⁣ශේෂ ප්‍රකාශයක් කළ ඤාණිස්සර නාහිමියෝ මිනිසා ඉතාම වේගයෙන් සොබා දහමට එරෙහිව කටයුතු කිරිමෙි ඵලවිපාක මුළු ලෝකයටම අත්විඳිමට සිදුවුවා යැයි ද පෙන්වා දෙති.


කොරොනා හමුවේ ලෝකයේ බලවතුන් උගතුන් මෙන්ම අන්ත දුගියා පවා එකසේ අසරණ වු බව පවසන මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ කොරෝනා නිසාමුළු ලෝකයම එකවරම කඩා වැටුණේයැයිද කියති.


ප්‍රංශයේ තත්වය දිනෙන් දිනම දරුණු වන පෙන්වා දෙන ඤාණිස්සර නාහිමියෝ මේ අවස්ථාවේදි රෝගයේ භයානකකම ගැන අවබෝධ කරගෙන ශ්‍රි ලාංකිකයන් අවුරුදු සැමරිම් ආදියට නොගොස් නිවසේ සිටින කිපදෙනා පමණක් එක්වි සෞඛ්‍ය උපදෙස්ද සැලකිල්ලට ගෙන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන ලෙස ඉල්ලිමක්ද කරති.


රෝගයේ බරපතලකම දන්නේනම් දැනට පවතින නීතිරිති වලට වඩා තද නීති දමන ලෙස ජනතාව විසින් ම ඉල්ලනවාට සැකයක් නැතැයිද නාහිමියෝ කියති.

Related posts

ඇඳිරි නීතිය ලිහිල් කරත් පාසල්, ටියුෂන් නැ..

Helarata

ගම්පහ කොටුවී සිටි 2000ක් ගම්බිම්වලට… (Photo)

Helarata

ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක්..

Helarata

Leave a Comment

Translate »