හෙළරට - ප්‍රාදේශීය පුවත්

විශ්‍රාමික ඒ.එස්.පි ගෙන් ගැබිනි මවුවරුන්ට අත්වැළක්

ජනක හෙට්ටිආරච්චි

විශ්‍රාමලත් සහකාර පොලිස් අධිකාරි , සාමවිනිසුරු බන්දුල චන්ද්‍රසිරි  පෙරේරා මහතා අඛණ්ඩව වසර විසි පහක් තිස්සේ  කරන සමාජ සේවා මෙහෙවර යටතේ ගැබිණි මාතාවන් තිස් දෙනෙකුට පමණ නිවසට අවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ මුදල් ප්‍රදානය කිරීම අද ( 12) ඒ මහතාගේ නිවසේදී සිදු කෙරිණ.

නිවසේ සම්බුද්ධ පුජාව තැන්පත් කොට  බුද්ධ වන්දනාව කිරීමෙන් අනතුරුව මෙම උතුම් කටයුත්ත සිදු වු අතර එහිදී පැමිණ සිටි ගැබිණි මාතාවන් අමතමින් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී , සාමවිනිසුරු බන්ධුල චන්ද්‍රසිරි පෙරේරා මහතා
” අපි කවදා හෝ මිය යනවා. අපේ පරම යුතුකම මිනිසුන්ට සේවය කිරීමයි. අද මේ කාලයේ ඒ ක්‍රියාව වඩ වඩාත් සත්‍ය බව ඔප්පු වෙමින් තිබෙනවා. අපි හැකි අයුරින් අන් අයට උපකාර කල යුතුයි. ඔබ උතුම් මවු පදවිය සඳහා සුදානමින් සිටින්නේ.නිතර බුදු ගුණ , දම් ගුණ , සඟ ගුණ සිහිපත් කරන්න. එය මෙලොව එලිය දකින්නට සිටින දරුවටත් ශක්තියක් ” යයි පැවසිය.

Related posts

බොල්ගොඩ මන්නයා මරුට

Helarata

බලංගොඩ අනවසර වෙළෙඳුන් ඉවතට..

Helarata

රැවුල කැපු බාබර් සාප්පුවකට සීල් තබයි…

Helarata

Leave a Comment

Translate »