හෙළරට - ප්‍රාදේශීය පුවත්

කොරෝනාවෙන් කාර්ය බහුල වු නවගමුව රෝහලට පරිත්‍යාගයක්

සුගත් ප්‍රේමතිලක -කඩුවෙල

නවගමුව එම්.ඩි.එච් ජයවර්ධන පර්යන්ත රෝහලට මේ දිනවල අත්‍යාවශ්‍ය රෙදි සෝදන යන්ත්‍රයක් තුරුණු බොදු සංසදයේ මැදිහත්විමෙන් පරිත්‍යාග කෙරිණ.


නවගමුව රෝහල අවට පිහිටි හෝමාගම හා මුල්ලේරියාව ප්‍රධාන රෝහල් කොරෝනා රෝගින් සදහා වෙන්කර ඇති නිසා සියළු රෝගිහු නවගමුව ⁣රෝහලට පැමිණෙති. මේ හේතුව නිසා නවගමුව රෝහල මේවනවිට කාර්යබහුල රෝහලක් බවට පත්ව ඇත. මේ වනවිට රෝහලට රෙදි සෝදන යන්ත්‍ර දෙකක් තිබුණද එක් යන්ත්‍රයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් රෝගීන්ගේ පරිහරණයට ගන්නා රෙදිද, රෝහල් කාර්යමණ්ඩලය රෙදිද එක් යන්ත්‍රයකින් පිරිසිදු කරණ අතර පවතින වාතාවරණය අනුව මෙය අවධානම් සහගතය.

එම නිසා රණාල තුරුණු බොදු සසදය වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ආචාර්ය සංජය පෙරේරා හා , වෛද්‍ය ප්‍රසාද් හේරත් ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේත් මැදිහත් වීමෙන් කොලජන් ලංකා පුද්ගලික සමාගමේ සභාපති නඩරාජා මහතා රෙදි සෝදන යන්ත්‍රයක් නවගමුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි හේරත් මහත්මිය වෙත භාර දෙනලදී.

තුරුණු බොදු සoසදය වෙනුවෙන් එහි සභාපති ලංකා සුදේස් අත්තනායක ජනක සේනාධීර, මහින්ද පද්මසිරි යන මහත්වරුද මෙම අවස්ථාවට එක්විය.

Related posts

විශ්‍රාමික ඒ.එස්.පි ගෙන් ගැබිනි මවුවරුන්ට අත්වැළක්

Helarata

කොලොන්න, වැලිගෙපොල, ගොඩකවෙල අවදානම්…

Helarata

මත් ද්‍රව්‍ය උපදේශනයට කොලොන්නාව සැරසෙයි..

Helarata

Leave a Comment

Translate »