හෙළරට - දේශිය පුවත්

ඉහළ සාධාරණ වුණත් පහළට එනවිට අසාධාරණයි

⁣මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ එළවළු බෙදමින් කියති.

නව කොරෝනා වෛරසය හමුවේ පනවා ඇති ඇදිරි නීතිය නිසා මහත් දුෂ්කරතාවට පත්ව සිටින නිකවැරටිය ඉහළ වීරදඩාන ගම්මානයේ පවුල් 120කට පමණ කල්පිටිය අන්තර් සමුද්ද පිරිවෙන මගින් අවශ්‍ය එළවළු බෑග් බෙදා දෙන ලදි.


අන්තර් සමුද්ද පිරිවෙනේ පරිවේනාධිපති , ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක, කල්පිටිය ශාසනාරක්ෂක බල. මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන්ගේ අදහසකට අනුව මෙම එළවළු පාර්සල් බෙදාදුනි.


නාහිමියන් විසින්ම කල්පිටියේ පිහිටි එළවළු වගාබිම්වලට ගොස් නෙළාගත් එළවළු වර්ග මෙසේ බෙදා දෙන ලදි.


මේ අවස්ථාවේදි දුප්පත් පොහොසත් බේදයක් නැහැ.හැම කෙනාම අසීරුවට පත්වෙලා ඉන්නේ.ඒ නිසා මට හැකි දේ මම කරනවා.ඒත් තවමත් මට පෙන්නේ නිසි ලෙස වියළි ආහාර බෙදා දීමක් සිදුවන්නේ නැහැ. ඉහළින් එය කළමනාකරණය වුණත් පහළට ගලා එනවිට එක කොටසකට පමණක් සහනාධාර බෙදියන තත්වයක් පෙනෙනවා.ඒ නිසා ඉදිරියටත් මේ ආකාරයේ සහන සැලසිමට අපි සිතාගත්තා යැයි මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ පැවසුහ.

Related posts

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

Helarata

1222ක් කෝච්චියෙන් කොළඹ ඇවිත්..

Helarata

හෝටල් අවන්හල් ඇරේ…

Helarata

Leave a Comment

Translate »