හෙළරට - විදෙස් පුවත්

නැවත දැනුම් දෙනතුරු යුරෝපය හැර අනෙක් රටවලට ප්‍රංශය තහනම්

ප්‍රංශ ජනාධිපතිවරයා කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය අවස්ථාවේ පටන් හතර වතාවක් ජාතිය ඇමතීය.


අප්‍රේල් 13 දින 4 වන වතාවටත් ජාතිය අමතමින් ප්‍රකාශ කළේ කොරෝනා වයිරසය ව්‍යාප්තිය මගින් සිදුවන මරණ ප්‍රමාණය අඩුවී ඇතත් මෙම වයිරසයෙන් කෙරෙණ බලපෑම කිසිසේත්ම ලඝු කොට සැලකිය නොහැකි බවත්ය.


එනිසා දැනට පවතින ගෙවල් වලටම වී සිටීමේ තත්වය මැයි මස 11 දින දක්වා දීර්ඝ කර ඇති අතර අත්‍යවශ්‍ය කාරණයකට රජය මගින් නිකුත් කර ඇති ඉල්ලුම් පත්‍රය පුරවාගෙන ලබාගන්නා අවසරයකින් තොරව නිවසින් පිටතට යාම තහනම් වනු ඇත.


එසේ අවසරයකින් තොරව ගමන් කරනා අයට යුරෝ 200 ක් දඩ මුදල ගෙවන්නට සිදුවනු ඇත.


මැයි මස 11 දිනෙන් පසු ඇතිවන තත්වය අනුව පාසැල් විවෘත කිරීම් සම්බන්ධව තීරණයක් ගන්නා බවත්, ආපනශාලා සහ වෙනත් කෝපි (cafe) සහ මත්පැන් විකුණන ස්ථාන මෙන්ම අනිකුත් සෙනග රැස්වෙන ස්ථාන හා සිනමා ශාලාවන් විවෘත කිරීමක් සිදු නොවන බවත් ප්‍රකාශ කළේය.

 එසේම ජූලි මස මැද වනතෙක් සියලුම එකතුවීම් හා උත්සව පැවැත්විය නොහැකි බවද පැවසීය.

උසස් අධ්‍යාපන ආයතන සියල්ලක්ම විවෘත කිරීම 2020 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කර ඇත.


නැවත දන්වනතුරු යුරෝපීය රටවලට හැර අනිකුත් සියලුම රටවලට ප්‍රංශය විවෘත නොවනු ඇත.


සියලු දෙනාටම නිවෙස්වලින් පිටත යනවිට මුඛ ආවරණයක් පැළදීම සිදු කළ යුතු බවද ජනාධිපති සදහන් කළේය.

අද අප්‍රේල් 13 දිනය වන විට ප්‍රංශයේ ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය 136779 කි. මෙම වයිරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේ මියගිය සංඛ්‍යාව 14967 කි.


ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 6821 කි. රෝහල් ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 32113 කි. පසුගිය පැය 24 තුළ මියගිය සංඛ්‍යාව 574කි. පසුගිය පැය 24 තුල ප්‍රංශයේ රෝහල් වලදී මියගිය ප්‍රමාණය 335 කි. ඊට අමතරව වැඩිහිටි නිවාස වලදී ද මෙම වයිරසය නිසා මියගිය සංඛ්‍යාව 239 කි. මුලු එකතුව 574 කි.


මරණ සංඛ්‍යාවේ හා අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්නුම් කලත් මෙම ව්සංගතයේ භයානක කම කිසිසේත්ම පහව ගොස් නැත.


එනිසා ජනාධිපතිතුමන් ජාතිය අමතමින් ඉහත සදහන් ආකාරයට කොන්දේසි පනවන්නට යෙදුණු අතර මේ භයානක වයිරස තත්වය පාලනය කර ජීවිත ගොඩ දැමීම සදහා කැපවීම් කරණ හෙද සේවාවන් වල සියලු දෙනාට සහ හමුදාවන්ටත් අනිකුත් සියලුම ආයතන වල සැම දෙනාටම ජාතියේ උපහාරය පළ කළේය.

Related posts

මාස දෙකක් ඇතුලත නවසිලන්තයේ විපක්ෂනායක වෙනස් වෙයි….

Helarata

ස්විඩනයේ සොෆියා කුමරිය හෙද සේවයට..

Helarata

හජ් වන්දනාවට කොරෝනා හරස්වෙයි….

Helarata

Leave a Comment

Translate »