හෙළරට - දේශිය පුවත්

රඹුක්කන පදිංචි ගුවන්තොටුපළ සේවකයින්ගේ ජෛව සාම්පල් පරික්ෂාවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික සමාගමක රැකියා කල සේවකයින් සහ සේවකයන්ගේ පවුල්වල 11 දෙනෙකුගේ අද 14 දින ජෛව සාම්පල් පරික්ෂා කිරිම සිදුවිය. සියලු දෙනාම දින 21 ක ස්වං නිරොධානයට ලක් කළ පිරිස් බව රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක උදය ගුණරත්න මහතා පැවසීය. ⁣මෙම ජෛව සාම්පල් වාර්තා හෙට වෙන විට ලබා ගත හැකි බවත් සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය .


කටුනායක ගුවන්තොටුපලයෙහි මෙම නිරෝධානය කළ පිරිස සමග සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම සහ වරකාපොල පදිංචි අයෙකුට කොරෝනා අසාදනයෙන් රෝහල් ගත කිරීම නිසා එම රෝගියා ලගින්ම ආශ්‍රය කල කටුනායක දක්වා ගමන් කළ බස් රථයේ සිටි රඹුක්කන ප්‍රදේශයේ සේවකයන් හත් දෙනකු සහ ඔවුන් ගේ පවුලේ අයගේ ජෛව සාම්පල් මෙසේ පරික්ෂා කල බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය. මොවුන් පිළිබඳ කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ රඹුක්කන සෞඛ්‍ය සේවා නිලධාරීන් දැඩි විමසිල්ලෙන් යුතුව සිටින බව වැඩිදුරටත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

චීනයේ යළි කොරෝනා හිස ඔසවයි..

Helarata

කොළඹ මැනිං වෙළඳපොල දින 04 කට වැසේ..

Helarata

වැටලීම් 31යි බැරල් 55යි..

Helarata

Leave a Comment

Translate »