හෙළරට - දේශිය පුවත්

අගමැති හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක් වෙයි

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත අභිනවාරාම විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සඳහා එක්විය.

පෙරවරු 9.17 ට යෙදී තිබූ හිසතෙල් ගෑමේ සුභ මොහොතේදී අභිනවාරාමාධිපති බෝලානේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරන ලදී.

සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිණි වීරසිංහ රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේදී ආගමික වතාවත් සඳහාද එක්විය .



Related posts

පාසල් විවෘත කිරිමට තවම තීන්දුවක් නැ…

Helarata

ජුනි 20 දා තෙක් ආදායම් බදු ගෙවීමේ දී දඩ අයකිරීමක් නෑ…

Helarata

2019 මහ බැංකු වාර්තාව අගමැතිට..

Helarata

Leave a Comment

Translate »