හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවෙි සිටින ලාංකික සිසුවියන්ගෙන් ආයාචනාවක්

කොරෝනා වෛරසය නිසා ඇතිවි තිබෙන තත්වය හමුවේ තමන්⁣ අනාරක්ෂිත නිසා හැකි ඉක්මනින් තමන් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ඉන්දියාවේ විශ්ව ව්ද්‍යාලවල ඉගෙනුම ලබන සිසුවියෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.


සිය ෆේස්බුක් පිටු ඔස්සේ ඔවුන් මෙම ඉල්ලිම කරයි.
මීට අමතරව බ්‍රිතාන්‍යය , ඉන්දියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , මාලදිවයින  ආදි විදෙස් රටවල් කිහිපයක සිටින  ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ශ්‍රී ලංකා රජයෙන් එම ඉල්ලීමකර සිටිති.

 700ක පමණ ශ්‍රි ලාංකික සිසුන්.පිරිසක් මේවනවිට ඉන්දියාවේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි. පවතින සෞඛ්‍ය තත්වය හමුවේ මැයි 3 වැනිදා දක්වා ඉන්දියාවේ ඇදිරි නීතිය දීර්ඝ කිරීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයට පත්ව සිටින බව ඔවූහු සමාජ මාධ්‍ය වීඩියෝ තුළින් කියා සිටිති.
 

  නේවාසිකාගාර පහසුකම් නැති හෙයින් ආහාර සපයා ගැනීමට සහ පානීය ජලය සපයා ගැනීමට අපහසු බවත් ඉදිරි ද්නවලදි ආහාර ලබා ගැනීමට අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවන බවත් එම සරසවි සිසුවියෝ කිවාය.
 

 
 ඉදිරිය ගැන ,නිශ්චිතව සිතිය නොහැකි බවත්, තම දෙමව්පියන්ද බලවත් ගැටලුවකට මේ නිසා මුහුණපා ඇතිබවත් එම සිසුවියෝ කියා සිටින්නිය.
එම නිසා ජනාධිපතිතුමා ගේ අගමැතිතුමාගේ හමුදාපතිතුමාගේ අවධානය යොමුකර තමන් ලංකාවට ගෙන්වා ගැනිමට ක්‍රමයක් යොදන ලෙස ආයාචනා.කරන සිටින එම සිසුවියෝ ඕනෑම කාලයක් තමන් නිරෝධායනයට සහභාගිවිමට කැමැත්තෙන් සිටින බවද කියති.

Related posts

ප්‍රංශය යලි විවෘත වේ

Helarata

කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැති මවගේ අවමඟුලට නොයයි…

Helarata

නවසිලන්තයේ නිරෝධායන හෝටලයේ තාප්පෙන් පැන්න කතට නඩු…

Helarata

Leave a Comment

Translate »