හෙළරට - දේශිය පුවත්

කෙරෝනා ආසාධිත ගැබිනියන් වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල සුදානම්.

කෙරෝනා ආසාධිත ගර්භනී මව්වරුන් හට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් ලෙස රජය මගින් නවීකරණය කර ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත නිල වශයෙන් ලබා දීම 2020 අප්‍රේල් 15 වන දින සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රටතුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, මෙම වෛරසය ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙමින් සහ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තම ජීවිත අවධානමද නොතකා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලයන් සඳහාද අවශ්‍ය පහසුකම් ලබා දීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මේ වන විට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩසටහන් මාලාව යටතේ නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් නාවික හමුදා දායකත්වයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව රෝගීන් ඇතුලත් කිරීම සහ බාහිර නියැදි පරීක්‍ෂාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම, සමාජ දුරස්ථ භාවය රැක ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කැමරා පද්ධතියක් සවි කිරීම, රෝගීන් සමග සන්නිවේදනය කිරීම සහ වෛද්‍යාධාර ලබා දීම සඳහා මෙඩි මේඩ් (Medimate) ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලබා දීම, රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සඳහා විෂබීජහරණ කුටියක් රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීම, වෛරසය ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට භාවිතා කරනු ලබන උපකරණ සහ ඇදුම් විෂබීජහරණය කිරීම සඳහා අධිතාප කුටීරයක් ඉදිකීරිම, රෝගීන් ගමන්කරනු ලබන මාර්ගයන් ජීවානුහරණය කිරීම සඳහා අධෝරක්ත කිරණ පද්ධතියක් රෝහල් පරිශ්‍රයේ ස්ථාන දෙකක ස්ථාපිත කිරීම සහ රෝහලෙහි විදුලි සෝපානයන් සඳහා අරක්‍ෂිත ක්‍රමවේදයක් සහිත ඉලෙක්ට්‍රෝනික නියාමන පද්ධතියක් සකස් කිරීම යන අළුත්වැඩියාවන් සහ උපකරණ ලබා දීම සිදු කරන ලදි.

මේ අනුව සිදු කරන ලද බොහෝමයක් අළුත්වැඩියාවන් සහ උපකරණ රෝහලෙහි දැනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවද එය නිල වශයෙන් රෝහල වෙත ලබා දීම 2020 අප්‍රේල් 15 වන දින කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ හා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිණී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි අධ්‍යක්‍ෂ ඇතුළු රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

Related posts

ලාංකිකයන්ගෙන් බේරෙන්න තානාපති කාර්යාවලට ආරක්ෂාව…

Helarata

කොළඹ 1ට සරත් දෙකට විමල් එයි.

Helarata

රැකියා අහිමිවුවන්ගේ අභියාචනාවලට වෙනම කවුළුවක්..

Helarata

Leave a Comment

Translate »