හෙළරට - දේශිය පුවත්

ජනපති නොහිටියානම් රටම අඤ්ඤං මඤ්ඤං – වනවාසි රාහුල හිමි

මොනම ආකාරයකින්වත් දැන්ම මැතිවරණයක් නොපවත්වන ලෙසත් පළාත් සභා වැනි මුදල් කාබාසිනියා කරන සුදු අලි අහෝසි කරන ලෙසත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරති.


සිය මුහුණු පොත හරහා වීඩියෝවක් නිකුත් කරමින් රාහුල හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ යන ආකාරයට රට හැදිමට පියවර ගන්නා ලෙසයි.


තමන් වහන්සේ සොබා දහම සමග ජිවත්වන භික්ෂුවක් වශයෙන් සොබා දහමේ අගය ඉතා ඉහළින්ම දන්නා බවත් කොරෝනා යනු සොබා දහම ඉගැන්වු පාඩමක් බවත් රාහුල හිමියෝ කියති.


සොබා දහම පාඩම ඉගැන්වුයේ රට හැදිමටයි .ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉන්දුවේත් සොබා දහමම තමයි. එතුමා නැතිව මේ වෙලාවේ වෙන කෙනෙක් ජනාධිපති පුටුවේ හිටියානම් රටම අඤ්ඤං මඤ්ඤං වෙනවා. එහෙමනම් දැන් ජනාධිපතිතුමා කළ යුත්තේ මේ රට හැදිමයි. ඒ සදහා එතුමාට ශක්තිය තිබෙනවා .

මේ වෙලාවේ කිසිසේත්ම මැතිවරණයක් අවශ්‍ය නැහැ. දැන් ඔබතුමා රට හදන්න.මේ හොදම වෙලාවයි.ඒ වගේ සල්ලි කාබාසිනියා කරන පළාත් සභා වැනි දේවල් මේ රටට අවශ්‍ය නැහැ. ඒ බව දැන් ඔප්පු වෙලත් තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි මේ හොඳම අවස්ථාවෙන් අපි රට හදමු යැයිද වනවාසි රාහුල හිමියෝ වැඩිදුරටත් පවසති.

Related posts

හම්බන්තොට වැඩිම නාමල් ට විපක්ෂය 1කට බස්සයි…..

Helarata

සුදුවැල්ලෙන් ආ 206 වෙනි රෝගියා රටට ලොකු විනාශයක් කළා…

Helarata

තානාපතිවරුන්ගේ ප්‍රසාදය රජයට

Helarata

Leave a Comment

Translate »