හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරයේ අනුස්මරණ උත්සව අවලංගුයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අනුස්මරණ උත්සව පෙර සැලසුම් කළ පරිදි සිදු නොකිරිමට තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

ඒ වෙනුවට ලබන අගහරුවාදා පෙරවරු 8.45 ට නිවෙස්වල සිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඊට එක් වන ලෙස කාදිනල්තුමාණෝ ඉල්ලා සිටිති.

මෙම ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ ලාංකිකයින් සිහිපත් කරමින් රටේ සියලූ ආගමික ස්ථානවල එදින පෙරවරුවේ ඝාන්ඨාර නාද කරමින් මෙම අනුස්මරණ කටයුත්තට දායක වන ලෙස ද කාදිනල්තුමා ඉල්ලීමක් කරයි.

එමෙන්ම එදින පෙරවරු 8.47 ට පහනක් දල්වමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කරන ලෙසද එතුමාණෝ ඉල්ලා සිටිති.

Related posts

ගාලුපාරේ අනතුරින් යතුරුපැදිකරු මරුට…

Helarata

සුවය ලැබු සමස්ත කොරෝනා රෝගින් සංඛ්‍යාව 839 දක්වා ඉහළට…

Helarata

අහසේ ආදායම 60%කින් පහළට..

Helarata

Leave a Comment

Translate »