හෙළරට - දේශිය පුවත්

බෝග වර්ග 36 කට සහන පොලියට ණය

නව සපිරි ග්‍රාමිය ණය යෝජනා ක්‍රමය යටතේ 4% ක පොලි අනුපාතයකට බෝග වර්ග 36ක් සදහා ලක්ෂ පහ දක්වා ණය මුදලක් ලබාදෙන බව අත්‍යාවශ්‍ය සේවා සදහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. මෙය ලබාදෙනු ලබන්නේ රාජ්‍ය බැංකු මගිනි. මාස 9ක කාලය තුළදි ණය මුදල ගෙවිය යුතුය.

වි , මිරිස්, ලූනු , කව්පි, මුං ඇට, උඳු, සෝයා, කුරක්කන් , බඩ ඉරිඟු, ර⁣ට කජු, තල, අල, බතල, මඤ්ඤොක්කා , කිරි අල, එළවළු, වම්බටු, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාළු මිරිස්, තක්කාලි, ලික්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වට්ටක්කා , වැටකොලු, ඉගුරු හා උක් වගාවන් සදහා මෙම ණය පිරිනැමේ.


සෞභාග්‍යා ගෙවතු වැඩසටහන යටතේ එක් ගෙවත්තකට ඉහත බෝග වගාව සදහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව 4% පොලියට රාජ්‍ය බැංකු මගින් ණය ලබාදිමට මහ බැංකුවේ අනුමැතිය ලැබි ඇත.මේ සදහා රජයෙන් ගෙවනු ලබන සහනාධාරය 5% කි. ණය ලබන්නාගේ පොලිය 4⁣%කි.

Related posts

තොණ්ඩමන්ගේ අවමඟුලට ගිය මාධ්‍යවේදියා නිරෝධායනයට ….

Helarata

බෙල්ලන්විල පෙරහර අගොස්තු 16 සිට…

Helarata

ජන්දයට ජනාධිපති ජායාරූපය තහනම්….

Helarata

Leave a Comment

Translate »