හෙළරට - දේශිය පුවත්

මේ මැතිවරණයකට අවස්ථාව නොවේ

මුලින්ම කොරෝනා කඩුල්ල පනිමු යැයි කාදිනල්තුමා කියයි

පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින සහ තවත් විශාල ගණනක් නිරෝධායනයේ සිටින මේ අවස්ථාව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැතැයි ද කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

වයිරස ආසාදිතයන් හමු නොවන තත්ත්වයක් අඛණ්ඩව පැවැතියහොත් රට සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකි යැයි ද එතුමාණෝ පැවසුහ. තවමත් වෛරසය පාලනය කර ගෙන නැතැයි ද කාදිනල්තුමාණෝ පැවැසූහ.
එම නිසා ප්‍රමුඛතාව දිය යුත්තේ මැතිවරණවලට නොව මේ කඩුල්ල පැන ගැනීමට යැයි ද එතුමාණෝ කීහ.

එසේම කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතු යැයිද මැල්කම් රංජිත් කාදිනල්තුමාණෝ ප්‍රකාශ කළහ.

සියලු අංශ සම්බන්ධීකරණය කිරීම සඳහා පත්කළ විශේෂ කාර්ය සාධක බලකාය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට උපරිමයෙන් සහාය දෙන බවත් එතුමාණෝ කීහ.

කොළඹ අගරදගුරු මන්දිරයේ 16 දා පැවැති මාධ්‍ය හමුවේදී කාදිනල්තුමා එසේ කිය.

Related posts

අනුරාධපුර කොරෝනා රෝගීන්ට නවීන දැඩිසත්කාර ඒකකයක්…

Helarata

කතරගම,පත්තිනි , විෂ්ණු, දැඩිමුණ්ඩ දෙවිවරුන්ටත් ඇඳිරිනීතිය බලපාලා….

Helarata

7 people To Follow If You Want A Career in UX Design

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!