හෙළරට - දේශිය පුවත්

රටවල් 14 ක කම්කරු සුභසාධන අංශ 16 කට ඩොලර් 2500 බැගින්

විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විවිධ අපහසුතාවන්ට පත්වී ඇති බැවින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, රටවල් 14 ක පිහිටි කම්කරු සුභසාධන අංශ 16 කට ඇමරිකන් ඩොලර් 2500 (රුපියල් 500,000) බැගින් ඩොලර් 40,000 (රුපියල් ලක්ෂ 80) ක් ලබාදී තිබේ.


ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අබුඩාබි හා ඩුබායි), බහරේන්, සයිප්‍රස්, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්,සෞදි අරාබිය (රියාද් හා ජෙඩා), දකුණු කොරියාව හා සිංගප්පූරුව යන රටවල පිහිටි කම්කරු සුභසාධන අංශ 16 ට මෙම මුදල් ලබා දී තිබේ.


මෙම මුදලට අමතරව දැනටමත් ඒ ඒ කම්කරු සුභසාධන අංශවල තිබෙන කම්කරු සුබසාධන අරමුදල මගින්ද (Workers Welfare Fund) සහන සැලසීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනිමටද අනුමැතිය ලබා දී ඇත.


විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගත් තීරණයකට අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සභාපති කමල් රත්වත්තේ මහතා විසින් මෙම මූල්‍ය ප්‍රතිපාදන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යොමුකොට ලබා දී ඇත.

Related posts

විනාශවුණු ආර්ථිකය ඉදිරියේදි ශක්තිමත් කරනවා….

Helarata

ආරක්ෂිත ඇඳුම් තොගයක් අගමැතිට..

Helarata

පසුගිය ඡන්ද ප්‍රතිඵල බලමු…

Helarata

Leave a Comment

Translate »