හෙළරට - දේශිය පුවත්

වෛරසයෙන් ආරක්ෂාවිමට නව මුහුණු ආවරණයක්

ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය,එහි පහසුකම් උපයෝගී කරගනිමින් පුද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට උපකාර කිරිමට පියවර ගෙන ඇත.

පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ආචාර්ය එස්.ඩී.ජී.එස් ගුණවර්ධන සහ සහ ඉංජිනේරු කේ. විරසිංහ යන මහත්වරුන් විසින් මුහුණ ආවරණයක්ද නිර්මාණය කර ඇත.

විදේශ සබඳතා, වෘත්තීය පුහුණුව, කම්කරු හා රැකියා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ උපදෙස් මත, ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනයේ පාලක මණ්ඩලයේ සභාපති විනෝද් මුණසිංහ මහතා, ආයතනයේ නිෂ්පාදන පහසුකම් ඔවුනට ලබා දීම සදහා, පේරාදෙණිය කණ්ඩායම සමග මෙසේ සම්බන්ධ වීය.


එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනයේ වැඩබලන නියෝජ්‍ය විදුහල්පති අතුල ගුණතිලක , පේරාදෙණිය කණ්ඩායමේ උපදෙස් පරිදි, ජ්‍යෙෂ්ඨ උපදේශක එස්. සුසේහේවා, ජේෂ්ඨ උපදේශක නාමල් කොඩිතුවක්කු සහ ආධුනික සචින් රත්නවිර යන මහත්වරුන්ගේ සහය ඇතිව, ආයතනයේ නවීන නිෂ්පාදන පහසුකම් භාවිතා කරමින් සිය ගණනක් මුහුණ ආවරණය සාර්ථකව නිමකර ගත්හ.

Related posts

Google Android O: Top Features, Release Date, Device Compatibility

Helarata

මනෝ උපදේශක මූකලානේ පෝදා බූරුගහලා…

Helarata

ලිපි ලක්ෂ 16ක් හිරවෙලා…

Helarata

Leave a Comment

Translate »