හෙළරට - දේශිය පුවත්

5000 දීමනාව දේශපාලකයන් හරහා දෙන්න එපා.

සුමිත්ත නාහිමියෝ ජනපතිට කියති..

විවිධ රැකියාවල නිරතවි කොරෝනා වෛරසය නිසා පීඩාවට පත්ව සිට්න අයහට රජයෙන් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ප්‍රාදේශිය ලේකම්ගේ අධික්ෂණය යටතේ ග්‍රාම නිලධාරින් හරහා පමණක් ලබාදෙන ලෙස කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි,ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක , අන්තර් සමුද්ද පිරිවෙනේ පරිවෙනාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරති.


මෙම දීමනාව සමෘද්ධි නිලධාරින් හා ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය සමග ලබාදිමේ වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක බව සදහන් කරන සුමිත්ත නාහිමියෝ වහාම දේශපාලන අධිකාරියෙන් මෙම වැඩපිළිවෙළ ඉවත්කළ යුතු බවද ජනාධිපතිවරයාට පෙන්වා දෙති.


මේනවිට බොහෝ ⁣ප්‍රදේශවල එසේ ආධාර ලැබිය යුතු අයගේ නාම ලේඛන සකස්කර අදාළ තැන්වලට ග්‍රාම නිලධාරින් විසින් යොමුකර තිබියදි එය නොසලකා හැර ප්‍රාදේශිය දේශපාලන අධිකාරියට ඒ බලය පැවරිම කිසිසේත්ම නොගැලපෙන බවද නාහිමියෝ කියති.


මෙහිදි අනිවාර්යයෙන්ම දේශපාලන බේදයක් ඇතිවන බව සදහන් කරන සුමිත්ත නාහිමියෝ මේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයා මේ දක්වා කරගෙන ආ වැඩසටහන්වලටද කළු පැල්ලමක් එක්විය හැකි යැයිද කියති.


මේ තත්වය මත එම දීමනා දීමේ වැඩසටහනින් ග්‍රාමනිලධාරින් ඉවත්වන බව ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සංගමයද නිවේදනය කර ඇතැයි පෙන්වා දෙන සුමිත්ත නාහිමියෝ එම නිසා හැකි ඉක්මනින් දීමනා ලබාදිමේ කාර්යය ප්‍රාදේශිය දේශපාලන අධිකාරියෙන් ඉවත් කළ යුතුයැයිද කියති.


එසේම මේ අවස්ථාවේදි දුප්පත් පොහොසත් බේදයකින් තොරව ජනතාව පීඩාවට පත්ව සිටින බවත් ප්‍රාදේශිය දේශපාලකයන් අනිවාර්යයෙන්ම දේශපාලන බේද සලකා හිතවතුන්ට පමණක් දීමනාව දිමට කටයුතු කිරිම වළක්වාලිය නොහැකි බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

ජනක හෙට්ටිආරච්චි

Related posts

හිටං යන්න බැහැ..

Helarata

අමා දම් සිසිල 200 වෙනි වැඩසටහන අද කාල්ටන්හීදි ….

Helarata

විදුලි බිල නොගෙව් අයගේ විදුලිය කපන්නේ නෑ – අමාත්‍ය මහින්ද අමරවීර

Helarata

Leave a Comment

Translate »