හෙළරට - දේශිය පුවත්

එළවළු පලතුරු ගොවින්ට පණිවිඩයක්..

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළෙඳපොළ තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.


ඒ හේතුවෙන් දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළෙඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළෙඳ මහතුන් නැවත දැනුම්දෙන තුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙස
අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරයි.


එසේම මැනිං තොග වෙළෙඳපොළෙන් තොග හා සිල්ලර වෙළෙඳාම සඳහා එළවළු හා පළතුරු මිලදී ගත් වෙළෙඳ මහතුන් එම මිලදී ගැනීම සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙස ද දන්වනු ලැබේ.


තවද, පවතින තත්ත්වය හේතුකොටගෙන තොග වෙළෙඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පළතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බව ද ගොවි ජනතාව වෙත වැඩිදුරටත් දන්වනු ලැබේ.

Related posts

අධික වර්ෂාවත් සමග තද මීදුම් තත්ත්වයක්

Helarata

බාර්වල පොරකෑම් ආදියෙන් රෝග පාලනය ගිලිහි ගියහොත් තත්වය භයානක විය හැකියි..

Helarata

තද සුලං සමග වැසි..

Helarata

Leave a Comment

Translate »