හෙළරට - දේශිය පුවත්

කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිලියන 21ක් මහ පාරට

කොරෝනා ⁣වෛරසය හේතුවෙන් පසුගිය සති 4 තුළ ඇමරිකානු ජාතිකයින් මිලියන 21 කට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව අප්‍රේල් 11 වැනිදායින් අවසන් වූ සතිය තුළ රැකියා විරහිතභාවයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 52 ක් වේ.

ඊට පෙර සතියේ එම අගය ලක්ෂ 66 ක් ලෙස එය සටහන් වී ඇත..

අමෙරිකානු ආර්ථිකයට ඇතිවූ බලපෑම හමුවේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාරවල සේවකයින් රැකියාවලින් ඉවත් කිරීමට බලකෙරෙන වාතාවරණයක් ද උද්ගත වී ඇතැයි දැනගන්නට ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 640,014 කි.

එයින් රෝගීහු 31,002 දෙනෙක් මරණයට පත්වී සිටිති. 

Related posts

කට වසා නොගත් අයට අනුරාධපුර වන්දනාව තහනම්…

Helarata

පෙරහර නැරඹීමට අවසර නැහැ….

Helarata

රට සිට එන සෑම අයෙක්ම නිරෝධායනයට …

Helarata

Leave a Comment

Translate »