හෙළරට - විදෙස් පුවත්

ජර්මනියේ වෛරසය පාලනය වෙයි..

ජර්මනියේ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් මහතා පවසයි.

ජර්මනියේ රෝග පාලනය පිළිිබඳ නියෝජිතායතනය හඳුනාගෙන ඇති පරිදි වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය දශම හත දක්වා පහත බැස තිබේ.

සංඛ්‍යාත්මකව එහි අර්ථය වන්නේ වෛරසය ආසාදිත එක් එක් පුද්ගලයා වෙතින් වෛරසය අලුතින් ආසාදය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එකට අඩු බවයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව ජර්මනියෙන් මේ විට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 138,000 කට අධිකය.

වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,868 කි . එය වෙනත් රටවලට සාපේක්ෂව අඩු අගයකි.

Related posts

නවසිලන්තයේ පින්කම් අන්තර්ජාලය ඔස්සේ

Helarata

කොරෝනා සදහට ඔබ මගේ වෙන ලකුණු…

Helarata

උඩින් එන චීන මගීන්ට ඇමෙරිකාවෙන් තහනමක්…

Helarata

Leave a Comment

Translate »