හෙළරට - දේශිය පුවත්

සති දෙකක් අත්‍යවශ්‍ය සේවා පොදු ප්‍රවාහනයෙන්

ලබන සඳුදා සිට සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත..

දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම හා මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනවල නිලධාරින් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

ඒ් අනුව මෙම මස 20 දායින් පසුව නැවතත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කළහොත් පොදු ප්‍රවාහන සේවාවල දී මහජන ආරක්ෂාව උදෙසා තීරණ ගෙන ඇත.

මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම හා කිසියම් පුද්ගලයෙක් උණ, කැස්ස හා ප්‍රතිශ්‍යාව සහිත නම් වහාම එම පුද්ගලයා සම්බන්ධව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කිරීම , මුඛ ආවරණ පැලඳීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම වැනි සෞඛ්‍ය නිර්දේශ අතරවේ.

මීට අමතරව දුම්රිය ස්ථාන, දුම්රිය මැඳිරි මෙන්ම බස් රථ දින දෙකකට වරක් හෝ විෂබීජානුහරණය කිරීම කෙරෙහිද මෙහිදී අවදානය යොමුව ඇත.

Related posts

5000 දීමනාව දේශපාලකයන් හරහා දෙන්න එපා.

Helarata

මහනුවර කප් සිටුවිම ජුලි 20…

Helarata

පාසල් ළමුන් ප්‍රවාහන රථ අප්‍රේල් මස ගාස්තු අයකරගැනීම තහනම්

Helarata

Leave a Comment

Translate »