හෙළරට - දේශිය පුවත්

බොරු පි.එච්.අයි. නිරෝධායනයට

ස්වයං නිරෝධායනයට යොමුවි සිටි කාන්තාවකගේ නිවසට ගොස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පෙනි සිටි සැකකරුවකු රුපියල්  ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නියෝග කර  සැකකරු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධික්ෂණය යටතේ දින 21ක් පෝද්දල තම නිවසේ නිරෝධායනය විය යුතු බවටද  බද්දේගම මහේස්ත්‍රාත්වරයා (18) නියම කළේය.
 
මෙසේ ඇප මත මුදා හැර නිරෝධායනය විමට නියෝග   කරනු ලැබුවේ අම්බලන්ගොඩ පොල්වත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඉසින යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන පෝද්දල කොහොඹනාදෙණිය පදිංචි පෝරඹ ගෙදර අමිල ජනිත් නමැති සැකකරුවෙකුටය.
 
කොළඹ රැකියාව කරන වඳුරඹ මැදකිඹියේ තරුණියක් ඇඳිරි නිතිය පැනවිම නිසා තම නිවසට පැමිණ සිටියදි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා  ඇය නිවස තුළ දින 14ක් නිරෝධායනයට යොමුකර ඇත. එම නිවසට පැමිණි සැකකරු තමා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බව දන්වා  ගැටලු තිබේනම් දැනුම්දෙන ලෙස පවසා ඔහුගේ ජංගම දුර කතන අංකය සහ රුපියල් 2000ක්දි ඇයගේ හැඳුනුම්පතේ ඡායාරුපයක්ද ලබාගෙන පිටව ගොස් ඇත.
 
පසුව එම කාන්තාවට ඇතිවු සැකයක් නිසා නිරෝධායනයට යොමු කරන ලද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ දුර කතනයට කතාකර සිද්ධිය පවසා ඇත.
 
ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වඳුරඹ පොලිසියට දැනුම්දිමෙන් පසු අන් අයෙකු ලෙස පෙනි සිටිමේ චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

Related posts

Android Co-founder Has Plan To Cure Smartphone Addiction

Helarata

Interior Designer Crush: Richard Long of Long & Long Design

Helarata

අගමැති බංගලාදේශ මහකොමසාරිස්ගේ සේවාව අගයයි.

Helarata

Leave a Comment

Translate »