හෙළරට - දේශිය පුවත්

රාජ්‍ය ආයතන යළි ඇරඹිමේ චක්‍රලේඛය ලබන සතියේ..

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ලබන සඳුදා (20 වැනි දා) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන බව කියයි.

ඉන් අනතුරුව රාජ්‍ය ආයතනවල රාජකාරී යළි ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇත.

මුල් අදියරේදී අත්‍යවශ්‍ය සේවා සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Related posts

පොහොට්ටු ජාතික ලැයුස්තුව..

Helarata

බදුල්ලේ බලෙන් තේ දීලා…

Helarata

වල්ලිපුරම් කුරක්කල් ඇතුළු 15ක් නිරෝධායනයට ….

Helarata

Leave a Comment

Translate »