හෙළරට - දේශිය පුවත්

උඩින් එන අය පි.සි.ආර්. පරික්ෂණයට…

ගුවනින් පැමිණෙන සියලුම පුද්ගලයන් ගුවන්තොටුපළේ දිම පී.සී.ආර්. පරීක්ෂණයට
ලක් කර සියලුම මගීන්ගේ දත්ත ගබඩාවක්
පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරමින් සිටි.ඒ බව ගුවන් ගුවන්තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසා තිබිණ.

මේ සම්බන්ධව රජය හා සංක්‍රමණය සඳහා
වූ ජාත්‍යන්තර සංවිධාන (IOM) නියෝජිතයන්
සමග සාකච්ඡා කරමින් යන බවද හෙතෙම
සඳහන් කරයි. කටුනායකින් රටට එන සියල්ලන් පි.සී.ආර්. පරික්ෂණයට ලක්කෙරේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පනස් දහසක් විදේශ රටවල තානාපති කාර්යාලවල මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇත.

ගුවන් තොටුපොළ විවෘත කර පළමු මස තුන ඔවුන් පමණක් ක්‍රමානුකූලව මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කර ඇත.
ගුවන් තොටුපොළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂාව සිදු කිරීමට රසායනාගාරයක් පවා ආරම්භ කිරීමට සාකච්ඡා කර තිබේ. මෙමගින් රට තුළට යාමට පෙරම රෝගීන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

Related posts

සොයිසා පුර වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මරුට…

Helarata

25 සිට වාසනාව උරගා බලන්න අවස්ථාව…

Helarata

පෙර පාසල් ප්‍රතිපත්තියක් ..

Helarata

Leave a Comment

Translate »